බයික්වල හුලං ඇරිය නිසා මහනුවර රෝහලේ වර්ජනයක්

කාර්ය මණ්ඩලයේ යතුරු පැදිවල හුළං ඉවත් කිරීමට විරෝධය පා මහනුවර
මහ රෝහලේ අද වැඩවර්ජනයක් ක‍්‍රියාත්මක කරන බව සමස්ත ලංකා හෙද සංගමය දැනුම් දෙනවා. ඔවුන් යොමු කර ඇති මාධ්‍ය නිවේදනය පහත පරිදිය.

මහනුවර මහ රෝහලේ සේවය කරන කාර්ය මණ්ඩලයෙන් විශාල ප‍්‍රමාණයක් තම ප‍්‍රවාහන

අවශ්‍යතාව සපුරා ගැනීම සදහා පුද්ගලික යතුරු පැදි භාවිතා කරති. එසේ කිරීමට සිදුවී ඇත්තේ රටේ පොදු ප‍්‍රවාහන සේවාවේ අකාර්යක්ෂමතාවය හේතුවෙන් සේවයට නිසි වේලාවට වාර්තා කිරීමට ඇති උවමනාව මතයි. කෙසේ වුවද මෙම පුද්ගලික වාහන නතර කිරීම සදහා රෝහල් බළධාරීන් විසින් නිසි ස්ථානයක් වෙන්කර දී නොතිබිනි. ඒ පිළිබදව කාර්ය මණ්ඩලය විසින් අවස්ථා ගනනාවකදී රෝහල් බළධාරීන්ගෙන් ඉල්ලීම් කර ඇත. ඒ හේතුවෙන් එම වාහන රෝහල් භුමියේ ඉඩකඩ ඇති ස්ථානයන්හි නතර කර තබන ලදී.
එහෙත් අද දිනයේ පෙ.ව 8.00 ට පමන හදිසියේම රෝහල් පාලනාධිකාරිය රෝහලේ ආරක්ෂක අංශය සමග එක්ව මෙම සියළු යතුරු පැදිවල හුළං ඉවත් කර ඇත. මෙය බළවත් අසාධාරණ මෙන්ම අමනෝඥ ක‍්‍රියාවකි. එසේම රෝහලේ සේවාව කාර්යක්ෂමව ඉටු කිරීම සදහා

තම පුද්ගලික වියදමෙන් පැමිණෙන කාර්ය මණ්ඩලයට එල්ල කරන ලද අතුල් පහරකි. එබැවින් මෙම අසාධාරණ ක‍්‍රියාවට විරෝධය දක්වමින් රෝහලේ සියළුම කාර්ය මණ්ඩලය මේවනවිට සේවාවෙන් ඉවත්වී විරෝධතාවයක නිරත වී සිටී. එසේම රෝහලට පිවිසෙන සියළුම මාර්ග ඉහත හුළං ඉවත්කරන ලද වාහන යොදා අවහිර කර ඇත.
තම වාහනවලට නැවත හුළං පුරවා තිබු ස්ථානයේ තැබීම සහ තම වාහන නැවැත්වීම සදහා නිසි ස්ථානයක් ලබාදීම යන ඉල්ලීම් ලැබෙන තෙක් මෙම වැඩවර්ජනය පැවැත්වීමට නියමිතය. එබැවින් ආයතනයේ නොතිබු ප‍්‍රශ්නයක් මතු කර රෝගී සත්කාර සේවාවට බාධා සිදුකල රෝහල් බළධාරීන් පිළිබදව විධිමත් පරීක්ෂණයක් සිදුකරන ලෙසත්, කාර්ය මණ්ඩලයේ ඉල්ලීම් කඩිනමින් ලබාදීමට සහ ඔවුන්ගේ වාහනවල සුරක්ෂිතතාව තහවුරු කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසත් අප සෞඛ්‍ය බළධාරීන්ගෙන් දැඩිව ඉල්ලා සිටිමු.

හෙද නිළධාරි ඒ. ගාමිණී කුමාරසිංහ
සභාපති - සමස්ත ලංකා හෙද සංගමය


Popular posts from this blog

ලොව දක්ෂතම ඉංග‍්‍රීසි කථිකයාට සම්මාන දිනූ ලාංකිකයා කතාකරන හැටි (වීඩියෝ)

චන්ද්‍රිකා පහුවෙලා වැඩ කරනවා බලන් ඉන්න බැරිම තැන එයාගේ අත් ඔරලෝසුවේ කටුව මිනිත්තු 10ක් ආපස්සට කැරකුවා ඉස්සර මං නදීකාටත් ට‍්‍රයි කළා - සනත් ගුණතිලක

මිලියන 400 කට මන්දිරය වික්ක බවට සැකයක්