අරවින්ද ද සිල්වාගේ නිවසට හොරු පැනලා

ක‍්‍රිකට් ක‍්‍රීඩක අරවින්ද ද සිල්වා මහතාගේ කොළඹ තර්ස්ටන් පාරේ පිහිටි සුවිසල් නිවසට
ඔහු විදේශගතව සිටියදී ඇතුළු වූ සොරෙකු නිවසේ සේප්පුවක තිබූ දේශීය හා විදේශීය මුදල් රැසක් සොරාගෙන ගොස් ඇතැයි ඊයේ පොලිස් පැමිණිල්ලක් ලැබී තිබෙනවා.
අරවින්ද ද සිල්වා මහතා සහ ඔහුගේ බිරිඳ නිවාඩුවක් ගත කිරීම සඳහා එංගලන්තයට ගොස් සිටි අවස්ථාවේ
මෙම සොරකම සිදුවී ඇති බව වාර්තා වුණා.

ඔහු ඊයේ (21 දා) පෙරවරු 10 ට පමණ සිය නිවසට පැමිණ සේප්පුව පරීක්ෂා කරද්දී එහි තිබූ
මුදල් අතුරුදන්වී ඇති බව දැනගෙන මේ පිළිබඳව කොල්ලූපිටිය පොලිසියට පැමිණිලි කර ඇත. එම සේප්පුවට යොදා තිබූ රහස්‍ය අංකය දැන සිට ඇත්තේ අරවින්ද ද සිල්වා මහතා, ඔහුගේ බිරිඳ සහ මව පමණක් වන අතර සොරා සේප්පුව අරින්නට එම රහස්‍ය අංකය පාව්චිච් කර ඇතිබවද පරීක්ෂණවලදී අනාවරණය වී ඇත.
සිද්ධිය වන අවස්ථාවේ සේවකයන් අටදෙනකු නිවසේ සිටි නමුත් සොරුන් පැන ඇති බව ඔවුන් නොදන්නා බව කියා ඇත. පොලිසිය මේ සම්බන්ධයෙන් ඔවුන්ගෙන් ප‍්‍රශ්න කරගෙන යයි.
ශ‍්‍රී ලංකාවේ ප‍්‍රවීණ ජ්‍යොතීර්වේදියකුගේ පුත‍්‍රයකුට අයත් විදේශ මුදල් තොගයක්ද මෙම සේප්පුවේ තැන්පත් කර තිබූ බව අරවින්ද ද සිල්වා ප‍්‍රකාශ කරා.
මුදල් සොරාගත් සැකකරු නිවසට ඇතුළු වූ ආකාරය සොයා ගැනීමට පොලිසිය තවම අපොහොසත්වී ඇත.
කොල්ලූපිටිය පොලිසිය පරීක්ෂණ පවත්වයි.

තොරතුරු - හේමන්ත රන්දුණු

Popular posts from this blog

ගෝඨාගෙ උද්ඝෝෂණයට බන්දුල පද්මකුමාරත් ඇවිත්

විදුලි උපකරණ රෙපයාර් කර අලූත් ඒවා ලෙස විකුණන ජාවාරමක්

පාප් වහන්සේගේ ලංකාවේ සංචාරය ජනවාරි 12-15 ස්ථිරයි