බොරැල්ලේ නිවසට පැන්න සොරුන් දියණියට අතවර කරන්න යද්දී මව පහර දෙයි බොරු පිස්තෝලය මාට්ටුවී වැඩවරදී

බොරැල්ලේ පිහිටි සුඛෝපභෝගී නිවසකට කඩා වැදුණු සොරුන් දෙදෙනෙකු එම නිවසේ මහත් කලබගෑනියක් සිදු කර නිවැසියන් බැඳදමා මුදල් හා වටිනා පරවි රංචුවක් පැහැරගෙන පසුව කාන්තාවන්ට අතවර
කරන්නට තැත්කරන අවස්ථාවේ රැගෙනවිත් ඇත්තේ බොරු පිස්තෝලයක් බව හසුවීමෙන් පසු නිවැසියන්ගේ කෑගැසීම් මැද පළාගිය සිද්ධියක් වාර්තාවනවා.
බොරැල්ලේ පිහිටි මෙම නිවස පුද්ගලික ආයතනයක විධායක නිලධාරියෙකුට අයත්
එකක් වන අතර එහි එම නිලධාරියා බිරිය හා දරුවන් වාසය කරමින් සිට ඇත. පසුගිය බ‍්‍රහස්පතින්දා රාත‍්‍රී මෙම නිවසට පිස්තෝලයක් අතැතිව කඩා පැන්න තරුණයින් දෙදෙනා නිවැසියන් බියට පත්කර කෑගසන්නට එපා යයි තර්ජනය කර ඇත.
පසුව නිවසේ සිටි සැමියා පුතුන් දෙදෙනා හා ඥාතියා බියගන්වා ඔවුන්ව කාමරයකට දමා ගැටගසන්නට කටයුතු කළ ඔවුන් බිරිය හා දියණිය

නානකාමරයකට දමා දොර වසා ඇත.
ඉන්පසු නිවසේ කාමරවල කබඞ් අල්මාරි අවුස්සන්නට වූ ඔවුන් ඒවායේ තිබී රුපියල් ලක්ෂ දෙකකට ආසන්න වටිනාකමින් යුත් ඔරලෝසු දුරකථන හා මුදල් සොරාගෙන ඇත. අනතුරුව නිවසේ උඩුමහළට ගිය සොරුන්ට එහි තිබූ විශාල පරෙවි කූඩුවක් දැකගන්නනට ලැබී ඇති අතර සොරුන් එහි සිටි පරෙවියන් 120 කින් පරෙවියන් 60 දෙනෙකු පමණ සොරාගෙන ඇත. අනතුරුව එක් සොරෙකුට නානකාමරයේ සිටි මව හා දියණිය වෙත ගොස් අතවරයක් කරන්නට ආසාවක් පහළවී  තිබුණා.
ඔහු නාන කාමරය දෙසට පිස්තෝලය දිගුකරගොස් එයින් මව පිටතට ගත් සොරා ඇයට අතවර කරන්නට සමීපවෙද්දී ඇය ඔහු හා පොරබදා එයට ඉඩනොදී ඔහු තල්ලූකර දමා ඇත. මව මෙල්ල කරගන්ුනට බැරිබව සිතූ සොරා මේ අවස්ථාවේ නැවත නාන කාමරය වෙත ගොස් දියණිය එළියට ඇදගෙනවිත් ඇයට අතවර කරන්නට උත්සාහ ගත් අවස්ථාවේ පිටුපසින් පැමිණි ඇගේ මව සොරාට මිට මොළවා ගැසූ පහරින් සොරා විසිවී ගිය අතර ඔහු අත තිබුණ පිස්තෝලය දෙකට කැඞී ඇත්තේ එය සෙල්ලම් පිස්තෝලයක් බව පසක් කරමිනි.
මේ අවස්ථාවේ මවට හා දියණියට සොරුන් කෙරේ තිබූ බිය පහව ගොස් තිබුණ අතර ඔවුන් අධාර ඉල්ලා පළාතටම ඇසෙන්නට කෑගසා ඇත.
සොරකම අවසන් කරන්නට පෙර සිදුවූ අකරතැබ්බය නිසා තවදුරටත් නිවසේ රැඳී නොසිට සොරුන් පළාගොස් තිබුනේ එම අවස්ථාවේය. නිවැසියන්ගේ කෑගැසීමට අවට කිසිවෙකු උදව්වට පැමිණි බවක් වාර්තා නොවේ.
මේ සිද්ධිය සම්බන්ධ බොරැල්ල පොලිසියට පැමිණිලි කිරීමෙන් අනතුරුව සැකකරුවන් අල්ලාගන්නට පොලිසිය සමත්ව ඇති අතර දැඩි ලෙස මත්කුඩු ඇබ්බැහියට හුරුවූ පුද්ගලයින් දෙදෙනෙකු මෙසේ පැමිණ ඇති බව පොලිසිය වාර්තා කර තිබෙනවා.

Popular posts from this blog

ගෝඨාගෙ උද්ඝෝෂණයට බන්දුල පද්මකුමාරත් ඇවිත්

විදුලි උපකරණ රෙපයාර් කර අලූත් ඒවා ලෙස විකුණන ජාවාරමක්

පාප් වහන්සේගේ ලංකාවේ සංචාරය ජනවාරි 12-15 ස්ථිරයි