පැරිසියේ විකුණන බුදුපිලිම වල දණහිස් නිද්‍රා මුද්‍රාව

ප‍්‍රංශයේ පැරිස් නුවර සිහිවටන වෙළෙඳ සලක විකෘති හැඩයෙන් යුත් බුදුපිළිම අලෙවියට තබා තිබේ. එම බුදුපිළිම වල මිනි පෙර කිසි තැනක පහළ නොවූ අලූත්ම දණහිස් නිද්‍රා මුද්‍රාවකින් බුදුහිමියන් සිටින අතර කකුළ මත හිස තබාගෙන සිටී.

බුදුහිමියන්ට නිගාදෙමින් මේ බුදුපිළිම අලෙවියට තබා ඇති අයුරු ඉතා සංවේගජනක බව මෑතදී ප‍්‍රංශයේ සංචාරය කළ ශ‍්‍රී ලාංකිකයෙකු වන ජයන්ත ලියනගමගේ කීවේය.
පැරිස් නගරයේ ‘ඡදරඑැ ා‘ ධරුකැ්බි‘ දුම්රිය ස්ථානය ආසන්නයේ මෙම සිහිවටන අලෙවිසල පිහිටා ඇති බවත් තමන් එයට ගොඩ වූ අවස්ථාවේ මේ විකෘති කළ බුදුරුව දැක ඉන් බෙහෙවින් සංවේගයට පත්වූ බවත් ඒ මහතා කීවේය.

ශ්‍යාම් නුවන් ගනේවත්ත

Popular posts from this blog

ගෝඨාගෙ උද්ඝෝෂණයට බන්දුල පද්මකුමාරත් ඇවිත්

පාප් වහන්සේගේ ලංකාවේ සංචාරය ජනවාරි 12-15 ස්ථිරයි

අපි දුන් මාධ්‍ය නිදහස ජාතිවාදී වෙබ් අඩවි වල්බූරු නිදහසක් කරගෙන - ජනපති