කොල්ලූපිටිය තායි ගණිකාවන් පඩි නැතිව මාස 3 ක ටේ‍්‍රනින්

කොළඹ කොල්ලූපිටියේ ජූලියානා හෝටලයේ තුන්වැනි මහලේ පවත්වාගෙන ගිය සුපිරි ගණිකා නිවාසයේ තායි ජාතික කාන්තාවන් සේවයේ යොදවාගෙන තිබෙන්නේ මාස තුනක වැටුප් නොගෙවන
පුහුණු කාලසීමාවකට යටත්ව බව පොලිස්
පරීක්ෂණවලදී හෙළි වී තිබේ. පානදුර වලාන දූෂණ මර්දන ප‍්‍රහාරක ඒකකය විසින් සිදුකළ වැඩිදුර පරීක්ෂණවලදී හෙළිවී ඇත්තේ එම තායි ජාතික කාන්තාවන්ට තුන් මසක වැටුප් නොගෙවන කාලසීමාවෙන් පසු රුපියල් පනස්දහස බැගින් වැටුප් ගෙවා ඇති බවයි. මේ සුපිරි ගණිකා නිවාසය සම්බන්ධයෙන් මීට පෙර අධිකරණය මඟින් ලබාදී තිබූ තීන්දුවකට අදාළ කොරියන් ජාතිකයාගේ

විදේශ ගමන් බලපත් අංකය සොයාගැනීමට පොලිසිය ආගමන විගමන දෙපාර්තමේන්තුවේ සහාය ලබාගැනීමට පියවර ගෙන තිබේ.

මේ සැකකාරියන් සංචාරක වීසා ලබාගෙන ශ‍්‍රී ලංකාවට පැමිණ මෙසේ රැකියාවල යෙදී සිටීම හේතුවෙන් ආගමන විගමන පනතේ කොන්දේසි උල්ලංඝනය කරමින් සිදුකර ඇති වරද සම්බන්ධයෙන්ද පොලිසිය පරීක්ෂණ පවත්වයි.
මේ සැකකාරියන් දීර්ඝ කාලයක් තිස්සේ ගණිකා වෘත්තියේ යෙදෙමින් දේශීය විදේශීය පුද්ගලයන් සමඟ ලිංගික ක‍්‍රියාවල යෙදී ඇති හෙයින් නොයෙකුත් සමාජ රෝගවලට ගොදුරු වී ඇති බවට පොලිසියට සැක මතුවී තිබේ.

එම තත්ත්වය නිසා ඔවුන්ට සමාජ රෝග ඇද්ද යන්න ගැන අධිකරණයේ අවසරය මත වෛද්‍ය වාර්තා කැඳවීමට පොලිසිය පියවර ගෙන ඇති බව උසස් පොලිස් නිලධාරියෙක් පැවැසීය.
පොලිස් පරීක්ෂණ නිලධාරීන් විසින් ලබාගෙන ඇති ජංගම දුරකතන අංකයක් අනුව එය භාවිත කරන පාලිත නමැති අයකු මේ ගණිකා නිවාසය පවත්වාගෙන ගිය මහල පාලනය කර ඇති බවටත් අදාළ සැකකාරියන් ඔහු යටතේ රැකියාව කර ඇති බවත් පොලිස් පරීක්ෂණවලදී හෙළි වී තිබේ.

පේ‍්‍රමලාල් විජේරත්න, ඉෂාර රත්නකාර

Popular posts from this blog

ගෝඨාගෙ උද්ඝෝෂණයට බන්දුල පද්මකුමාරත් ඇවිත්

විදුලි උපකරණ රෙපයාර් කර අලූත් ඒවා ලෙස විකුණන ජාවාරමක්

පාප් වහන්සේගේ ලංකාවේ සංචාරය ජනවාරි 12-15 ස්ථිරයි