වැල්ලවත්ත මුහුදේ පාවූ පොලිස් කොස්තාපල්ගේ අභිරහස් මළ සිරුර

වැල්ලවත්ත පොලිස් ස්ථානයේ රාජකාරි කළ කොස්තාපල්වරයකුගේ මළ සිරුරක් අබිරහස් ලෙස වැල්ලවත්ත මුහුදු තීරයේ පාවෙමින් තිබිය දී ඊයේ (27* පෙරවරුවේ සොයාගත්තා.
නාවික හමුදා යාත‍්‍රාවක් එම වෙරළ තීරය අසළින් සංචාරය කරද්දී පාවෙමින් තිබෙනු දුටු මළ සිරුර හමුවී තිබුණා.

පසුව ඒ අසළ වෙරළ පරීක්ෂාවේදී මියගිය අයගේ බවට සැකකෙරෙන ඩෙනිම් කලිසමක්ද හමුවුණා.
මෙලෙස මියගොස් ඇත්තේ පොලිස් කොස්තාපල් සුනිල් ආරියරත්න (29* නමැති වැල්ලවත්ත පොලිසියේ රාජකාරී කළ නිලධාරියෙකි. ඔහු අවිවාහකයෙකුවූ අතර
මාතලේ ප‍්‍රදේශයේ පදිංචිකරුවෙකි.
ඔහු මියගිය දිනට පෙර දිනයේ රාත‍්‍රියේ ඔහු හා මිතුරු තවත් කොස්තාපල්වරුන් දෙදෙනෙකු සමග මත්පැන් පානය කරන්නට අවන්හලකට ගොස් ඇති බවත් පසුව මෙම වෙරළ තීරයට පැමිණ විනෝදවූ

බවත් පැවසෙනවා. ඔහුගේ මරණය ඒ අවස්ථාවේදී
ඇතිවූ බහින්බස්වීමකින් පසු ඇතිවූ මිනීමැරුමක්ද යන්න ගැන පොලිසිය සැක කරනවා.

වැල්ලවත්ත 42 පටුමග ප‍්‍රදේශයේ මුහුදු තීරයේ තිබියදී සොයාගෙන තිබුණ මොහු ඇඳ සිටි ඩෙනිම් කලිසම ද මුහුදු තීරය අසල වූ ගල්වැටියක තිබුණා.
පොලිස් නිලධාරියාගේ මළ සිරුරෙහි මුහුණේ තුවාල තිබුණ බවත් හිසට පහරදීමක් කළ බවට සැකකරන ආකාරයට ලේ ගලාවිත් තිබුණ බවත් මරණ පරීක්ෂණයේදී අනාවරණය වුණා.
කොස්තාපල්වරයා පෙරේදා (26* රාජකාරිය අවසන් කර සන්ධ්‍යා වරුවේ පොලිස් බැරැක්කයට ගොස් තිබූ බවද සොයාගෙන ඇත.

මොහු පොලිස් මිතුරන් දෙදෙනකු සමග රාත‍්‍රී ආහාරය සඳහා පිටත්ව යන බව කියා බැරැක්කයෙන් පිටව ගොස් තිබුණ නිසා එම කොස්තාපල්වරුන් දෙදෙනාව ප‍්‍රශ්න කිරීමට මේ පිළිබඳ විමර්ශනය කරන නිලධාරීන් කටයුතු කර ඇත.
මියගිය සුනිල් ආරියරත්න මීට වසර හයකට පමණ ඉහත දී පොලිස් දෙපාර්තමේන්තුවට බැඳී ඇති අයෙකි.
ඔහුගේ අභිරහස් මරණය සම්බන්ධව පරීක්ෂණ තවදුරටත් ක‍්‍රියාත්මකය.

Popular posts from this blog

ලොව දක්ෂතම ඉංග‍්‍රීසි කථිකයාට සම්මාන දිනූ ලාංකිකයා කතාකරන හැටි (වීඩියෝ)

චන්ද්‍රිකා පහුවෙලා වැඩ කරනවා බලන් ඉන්න බැරිම තැන එයාගේ අත් ඔරලෝසුවේ කටුව මිනිත්තු 10ක් ආපස්සට කැරකුවා ඉස්සර මං නදීකාටත් ට‍්‍රයි කළා - සනත් ගුණතිලක

මිලියන 400 කට මන්දිරය වික්ක බවට සැකයක්