ලොතරැයියෙන් කෝටි දෙකහමාර ඇදුණ 38 හැවිරිදි තරුණයාගේ මළ සිරුර වගා ළිඳේ

රුපියල් කෝටි දෙකහමාරක ලොතරැයි වාසනාවක් හිමිවූ ගල්ගමුව, වැටකුළුවාගම ප‍්‍රදේශයේ තරුණයෙකු අනපේක්ෂිත ලෙස මියයාම සම්බන්ධ පොලිස් පරීක්ෂණ ආරම්භවී තිබෙනවා.
මෙම පුද්ගලයා වයස අවුරුදු 38ක්වූ සුනිල් දිසානායක නමැති එක්දරු පියෙකි. මාස ගණනාවකට ඉහතදී කෝටි දෙකහමාරක ලොතරැයි වාසනාව
හිමිවීමෙන් පසු ඔහුගේ ජීවිතය බෙහෙවින් වෙනස්වූ බව කියැවෙනවා. ඔහු අධික ලෙස සිය ධනය වියදම් කර තිබුණ අතර බොහෝ විට මිතුරන් සමග මත්පැන් සාද දැමීමට විනා එම මුදලින් යමක් ඉතිරිකරන්නට හෝ ගොඩනගන්නට ඔහු කටයුතු කර නැත.
මේ අතරවාරයේ ඔහුගේ බිරියද ඔහුව අතහැර දරුවා සමග පිටව ගොස් ඇත. තවදුරටත් තදින්ම මත්පැන් පානයට ඇබ්බැහිවූ සුනිල් අනතුරුව දවස තිස්සේම බේබදු ස්වරූපයෙන් සිට ඇත.
ඊයේ රාත‍්‍රී 10ට පමණ ඔහුගේ නිවසේ සිට මීටර් 100ක් පමණ ඈතින් පිහිටි වගා ළිඳකට
ඔහු වැටී ඇති බව පැවසේ. මොහු ළිඳට වැටුණාද, එසේත් නැතිනම් ළිඳට ඇද දැමුවාද යන්න පැහැදිලි නැත. ඔහු එම ගැඹුරු වගා ළිඳේ මියගොස් තිබියදී පොලිසියට පසුව හමුවුණා. සුනිල් මහතා මියයාම සම්බන්ධයෙන් පොලීසිය පරීක්ෂණයක් දැන් ආරම්භ කර තිබේ.
මත්පැනට ලොල් වූ මෙකී පුද්ගලයා ඊයේ රාත‍්‍රියෙත් යහළුවන් කිහිප දෙනෙකු සමග එක්ව මත්පැන් පානය කර ඇති බවද, ලොතරැයියෙන් හිමිවූ මුදල මත්පැන් පානය කර විනාශ වූ පසු තවත් අයට ණයකාරයෙකු බවට පත්ව ඇති බවක්ද ප‍්‍රකාශ වුණා.
මෙම පුද්ගලයාගේ මරණය සැකසහිත බව ඥාතීන් පොලීසියට ප‍්‍රකාශ කර තිබේ.
වැටී සිටි මෙම පුද්ගලයා ගොඩට ගැනීම සඳහා ළිඳේ වතුර හිස් කරන්නට පොලිසියට සිදුවිය.

ඡායාරූප - සංජීව රත්නායක

Popular posts from this blog

ලොව දක්ෂතම ඉංග‍්‍රීසි කථිකයාට සම්මාන දිනූ ලාංකිකයා කතාකරන හැටි (වීඩියෝ)

චන්ද්‍රිකා පහුවෙලා වැඩ කරනවා බලන් ඉන්න බැරිම තැන එයාගේ අත් ඔරලෝසුවේ කටුව මිනිත්තු 10ක් ආපස්සට කැරකුවා ඉස්සර මං නදීකාටත් ට‍්‍රයි කළා - සනත් ගුණතිලක

මිලියන 400 කට මන්දිරය වික්ක බවට සැකයක්