ඊයේ සවස දෙමටගොඩ මහසෙනග මැද කුඩු පාතාලයා මරලා
සුඛෝපභෝගී මෝටර් රථයක පැමිණි සන්නද්ධ පිරිසක් විසින් ඊයේ (30 වැනිදා) පෙරවරු 7.20 ට පමණ දෙමටගොඩ වේලූවනා පාරේදී හෙරොයින් ජාවාරම්කරුවකුගේ ගෙල කපා ඝාතනය කර දෙනෝ දාහක් දෙනා බලා සිටියදීම පලා ගොස් ඇත.
මෙසේ ඝාතනයට ලක්ව ඇත්තේ දෙමටගොඩ පදිංචි 39 හැවිරිදි සම්පත් සඳරුවන් නොහොත් ”සුදූ” නමැති අයෙකි. තිදරු පියකු බව කියන මෙම පුද්ගලයා ඝාතනය කරන්නට ඇත්තේ හෙරොයින් ජාවාරම් සම්බන්ධයෙන් ඇතිවූ ආරවුලක් මත බවට පොලිසිය සැක පළ කරයි.
හෙරොයින් ජාවාරම් සම්බන්ධයෙන් මාස ගණනක් තිස්සේ බන්ධනාගාර ගතව සිටි සුදූ නමැත්තා ඇප මත මුදා හැරීමෙන් පසු නිවසට පැමිණ ඇත්තේ පෙරේදා (29වැනිදා* ය.
මහාධිකරණයේ විභාග වෙමින් පවතින හෙරොයින් නඩුවකට ඉදිරිපත් විමට ඊයේ ඔහුට නියමිතව තිබිණි. අධිකරණය වෙත යැම සඳහා ඇඳුමක් මැද ගැනීමට මොහු වේලූවන පාරේ පිහිටි ලොන්ඩරිය වෙත පැමිණ ඇත්තේ පෙරවරු 7.20 ට පමණය.
ඇඳුම මැද සකස් කර දෙනතුරු මොහු එම ලොන්ඩරිය ඉදිරිපිට සිටි අවස්ථාවේ කළු පැහැති මෝටර් රථයක් පැමිණ එහි නතර කර ඇත.
මෝටර් රථයෙන් බැසගත් නාඳුනන පුද්ගලයකු සම්පත් සඳරුවන්ගේ ගෙල තියුණු ආයුධයකින් කපා දෙනෝ දාහක් දෙනා බලා සිටියදී පලා ගොස් තිබේ.
බරපතළ තුවාල ලැබූ සම්පත් නමැත්තා රෝහල්ගත කිරීමෙන් පසු මියගොස් ඇත.
මෙම ඝාතනය කවුරුන් විසින් සිදු කළේද යන්න මෙතෙක් හෙළිවී නැත.
සහකාර පොලිස් අධිකාරී කේ. රණවීර මහතාගේ උපදෙස් මත දෙමටගොඩ පොලිස් ස්ථානාධිපති අනුරාධ මහින්දසිරි මහතාගේ මෙහෙයවීමෙන් පරීක්ෂණ පැවැත්වේ.
හේමන්ත රන්දුණු