හරූන් ලන්ත‍්‍රාගේ මුදල් කොල්ල කෑවේ අන්තර්ජාලයෙන් දැනගෙන ඔහු සොයා ආ රසිකයින්
සොරුන් විසින් ප‍්‍රවීණ ගායක හරූන් ලන්ත‍්‍රා මහතාගේ නිවසේ තිබී රුපියල් 70000 ක මුදලක් කොල්ලකනු ලැබීමෙන් පසු පොලිසිය සිදු කළ විමර්ශන වලින් මෙම සොරුන් කවුදැයි හඳුනාගෙන තිබෙනවා.
ඒ වෙනත් කිසිවෙකු නොව ඔහුගේ ගීතවලට ආදරය කරන බව පවසමින් ඔහු දැකගන්නට නිවසට පැමිණි රසිකයින් තිදෙනෙකි.
සන්ධ්‍යා ශි‍්‍රයානි, සුමතිනන්ද පෙරේරා සහ නිමල් දයාරත්න නමැති ඔවුන් හරුන් ලන්ත‍්‍රා මහතාගේ ගීත කුඩා කාලයේ සිට රසවිඳින බවත්
දැකගන්නට ආසා නිසා පැමිණි බවත් කියා ඇත. ‘ඔබතුමා ඉන්න තැනක් අපි දන්නැතිවයි හිටියේ. අපි ඉන්ටර්නෙට් එකෙන් දැනගත්තා ඔබතුමා ඉන්නේ කැලනියේ කියලා..ඒකයි බලන්න ආවේ’ කියමින් වයෝවෘද්ධ කලාකරුවා පසසා ඇති ඔවුන් පසුව එම නිවසේ පැය කිහිපයක් ගත කර ඇත.
පොල්හේන කැලණියේ ජාතික නිවාස සංකීර්ණයේ බිරිය සමග වාසය කළ හරුන් ලන්ත‍්‍රා කලාකරුවාණන් කලකට පසු ආ රසිකයින් දැක ඉමහත් සතුටට පත්ව ඇත.ඔවුන් සුහදව කථාබහකරන අතරවාරයේ කලාකරුවාණන්ගේ නිවසේ බඩු මුට්ටු අපිළිවෙළ වී තිබෙනවා නේද.. කාලෙකින් අතුගාලවත් නෑ නේදැයි කියමින් උදව්වක් කරන අටියෙන් මෙම පිරිස සමග ආ කාන්තාව කොස්සක් ඉල්ලා නිවස අතුගාන්නට පටන්ගෙන ඇත්තේ ස්වේච්ඡාවෙනි.
පැමිණි අනෙක් පිරිමි පුද්ගලයින් දෙදෙනා ලන්ත‍්‍රා මහතා සහ බිරිය වෙන වෙනම සාලයේ කථාබහට අල්ලාගෙන සිටින අතරේ එම කාන්තාව නිවසේ කාමර ඇතුළටද ගමන් කරමින් දිගටම අතුගා තිබෙනවා. ඔවුන් සුහදව කථාබහ කළ නිසාත් අන් අය සැකකරන්නට තරම් හේතුවක් නොතිබූ නිසාත් හරුන් ලන්ත‍්‍රා මහතා සහ මහත්මිය මේ ගැන අවධානයක් යොමු කර නැත.
නිවස අතුගෑමෙන් අනතුරුව ලන්ත‍්‍රා යුවළ සැපයූ සංග‍්‍රහයද භුක්ති විඳ ඔවුන් පළාගොස් තිබුණා.
උපකාර කරන මුවාවෙන් නිවෙසේ අල්මාරිවල තිබූ ඇඳුම් පවා ඇද දමා නිවෙසේ වටිනා දේවල් සොයා ඇති බවත් නිවසේ තිබුණ රුපියල් 70000 ක මුදල් අතුරුදන්වී ඇති බවත් ලන්ත‍්‍රා මහත්මිය හ\ුනාගත්තේ දවසකට දෙකකට පසුය. කැලණිය පොලිසියට ගොස් හරූන් ලන්ත‍්‍රා මහතාගේ බිරිය වන ආතරින් ලන්ත‍්‍රා මහත්මිය මේ ගැන පැමිණිල්ලක් යොමු කළේ මින් පසුය.
නැතිවූ මුදල් ගැන ලන්ත‍්‍රා යුවළ කම්පනයෙන් පසුවෙද්දී ජනපතිවරයා රුපියල් ලක්ෂයක මුදලක් ඔවුන් වෙත පරිත්‍යාග කළ අතර දෙරණ මනුසත් උයන වැඩසටහනද තවත් රුපියල් ලක්ෂයක් ඔවුන්ට පිරිනැමුවා.
සිද්ධිය වූ දින ඇමතුම් ලබාදුන් ආගිය අය සහ මහමග සටහන්වූ සීසීටීවී ඡායාරූප සහ වාහන ගැන හෝඩුවාවන් ඔස්සේ විමර්ශන සිදු කර සැකකරුවන් අත්අඩංගුවට ගන්නට පොලිසිය සමත්වුණා.
එම්.ජී. සන්ධ්‍යා ශි‍්‍රයානි, ඒ.ජී. සුමතිනන්ද පෙරේරා සහ එම්.ජී. නිමල් දයාරත්න යන විත්තිකරුවන් නිවෙස පිරිසිදු කිරීමට බව පවසා පැමිණ එහි අල්මාරියක සඟවා තබා තිබූ රුපියල් 70,000ක මුදලක් සොරකම් කළ බවට අධිකරණයේදී පිළිගත්තා.
ඔවුන් එම මුදල ලන්ත‍්‍රා යුවළට නැවත දෙන්නටද එක`ගවුණා.
වරද පිළිගත් හෙයින් රුපියල් ලක්ෂය බැගින් වූ ශරීර ඇප දෙකක් බැගින් වෙන වෙනම නියම කර ඇප මත මුදා හැරීමට මහර ප‍්‍රධාන මහෙස්ත‍්‍රාත් දර්ශිකා විමලසිරි මෙනෙවිය නියම කළා.