කෝලි පෙම්වතිය අනුෂ්කා සමග ප‍්‍රථම වරට ප‍්‍රසිද්ධියේ

ඉන්දීය ක‍්‍රිකට් ක‍්‍රීඩක විරාට් කෝලි හා බොලිවුඞ් නිළි අනුෂ්කා ෂර්මා පෙම්වතුන් බව විවිධ අවස්ථාවල මාධ්‍ය වලින් අනාවරණය කළත් ඔවුන් කිසිදුවිටෙක එකට ප‍්‍රසිද්ධියේ පෙනී සිට නැත.

නමුත් ඊයේ (26) ඉන්දියාවේ පුනේහි පැවති ෆුට්බෝල් තරගයක් බලන්නට පැමිණ මේ දෙදෙනා එකට අසුන්ගෙන සිටි අතර ඔවුන් ගැන පැතිරුණ කටකතා සනාථ කළ ප‍්‍රථම පෙනී සිටීම ලෙස ඉන්දීය මාධ්‍ය එය වාර්තා කර තිබෙනවා.

ඉන්දියානු සුපර් ලීග් පාපන්දු තරගාවලියේ එක් තරගයක් වූ මෙය කෝලි නරඹන්නට හේතුව ඔහු පුනේ පාපන්දු කන්ඩායමේ සම හිමිකාරත්වය දැරීමයි.

Popular posts from this blog

ගෝඨාගෙ උද්ඝෝෂණයට බන්දුල පද්මකුමාරත් ඇවිත්

පාප් වහන්සේගේ ලංකාවේ සංචාරය ජනවාරි 12-15 ස්ථිරයි

අපි දුන් මාධ්‍ය නිදහස ජාතිවාදී වෙබ් අඩවි වල්බූරු නිදහසක් කරගෙන - ජනපති