කොහුවල ගෙස්ට් හවුස් එකකදී බි‍්‍රතාන්‍ය කාන්තාවක දූෂණය කරලා

නුගේගොඩ කොහුවල ප‍්‍රදේශයේ පිහිටා ඇති විදේශිකයින් නිතර නවාතැන්ගන්නා ගෙස්ට් හවුස් එකකදී පසුගිය සතියේ බි‍්‍රතාන්‍ය කාන්තාවක දූෂණයට ලක්ව තිබෙනවා.
සිද්ධිය සම්බන්ධ පොලිස් වාර්තාවට අනුව මෙම ගෙස්ට් හවුස් එකේ පැවති සාදයකට මිතුරියන් කිහිපදෙනෙකු සමග සතිඅන්තයේ මෙම බි‍්‍රතාන්‍ය කාන්තාවද සහභාගීවී ඇත.

සාදය අතරතුර මත්පැන් පානය කිරීමෙන්
අනතුරුව මෙම කාන්තාවට අසුනක නින්ද ගොස් ඇත. ටික දෙනෙකු එක්ව සිටි සාදයේ ඇතැමුන් එළියටත් ඇතැමුන් කාමරවලටත් යාම නිසා ඇය සමග පැමිණි අයද ඇගෙන් දුරස්වී වෙනත් ස්ථානවලට ගොස් සිටි අවස්ථාවේ මෙම ගෙස්ට් හවුස් එකේ සේවය කළ සේවකයෙකු ඇයව ඇදගෙන ගොස් කාමරයක ඇඳක මුණින් අතට හරවා නිරුවත් කර දූෂණය කර ඇත. මෙම අවස්ථාවේ

අවසිහියෙන් මෙන් සිටි කාන්තාවට සිදුවූ දේ යාන්තමින් මතක තිබුණ නමුත් ඇයට එයට විරෝධය පළකරන්නට තරම් ශක්තියක් තිබී නැත. තිගැස්සී ඇහැරුණු අවස්ථාවේ ඇගේ මිතුරියන් ඇයව සොයමින් සිටි බවත් මේ ආකාරයට කාමරයක නිරුවතින් සිටින්නේ මන්දැයි විමසූ බවත් ඇය කියා තිබුණා.

ඇයට යාන්තමින් මතක තිබුණ සිද්ධිය පොලිසියට දැනුම් දුන්නේ ඉන් අනතුරුවයි.

ඇයව රෝහල් ගත කර වාර්තාවක් ලබාගත් පොලිසිය කාන්තාව සැපයූ තොරතුරු මත සැකකාර සේවකයා අත්අඩංගුවට ගන්නට ක‍්‍රියා කළ නමුත් ඔහු එවැනි දෙයකට සම්බන්ධ නැති බව කටඋත්තරයේදී ප‍්‍රකාශ කළා. ඒ අනුව සිද්ධිය උසාවියට යොමු කළ පසු මහේස්ත‍්‍රාත්වරයා දන්වා සිටියේ සැකකාර සේවකයා මෙම දූෂණයට සම්බන්ධද යන්න සොයා බැලීමට ඞීඑන්ඒ වාර්තාවක් කැඳවා ලබන 23 වනදා ඉදිරිපත් කරන ලෙසයි.
සිද්ධිය සම්බන්ධ පොලිස් පරීක්ෂණ ක‍්‍රියාත්මකය.

Popular posts from this blog

ලොව දක්ෂතම ඉංග‍්‍රීසි කථිකයාට සම්මාන දිනූ ලාංකිකයා කතාකරන හැටි (වීඩියෝ)

චන්ද්‍රිකා පහුවෙලා වැඩ කරනවා බලන් ඉන්න බැරිම තැන එයාගේ අත් ඔරලෝසුවේ කටුව මිනිත්තු 10ක් ආපස්සට කැරකුවා ඉස්සර මං නදීකාටත් ට‍්‍රයි කළා - සනත් ගුණතිලක

මිලියන 400 කට මන්දිරය වික්ක බවට සැකයක්