අලූත් ගොඩනැගිල්ලේ සෝපානය කඩා වැටී ව්‍යාපාරිකයා මරුට

මේ මස 24 වැනිදා සිව්මහල් ගොඩනැගිල්ලක් විවෘත කිරීමේ කටයුතු සූදානම් කරමින් සිටි ව්‍යාපාරිකයකු එම ගොඩනැගිල්ලේ සෝපානයේ ගමන් කරද්දී එය කඩා වැටීමෙන් මියගොස් ඇත.

බළන්ගොඩ නගරයේ ගොඩනැගිල්ලක් තුළදී සිදුවූ අනතුරින් පසු රත්නපුර මහ රෝහලට ඇතුළත් කරන ලද ව්‍යාපාරිකයා ඊයේ (20) අලූයම මියගොස් තිබේ.
මෙම සෝපානය කඩා වැටීමෙන් ව්‍යාපාරිකයාගේ පුතකු සහ සහෝදරයකු සුළු තුවාල ලබා තිබිණි.
අසාධ්‍ය තත්ත්වයෙන් සිටි ව්‍යාපාරිකයා බළන්ගොඩ මූලික රෝහලෙන් රත්නපුර මහ රෝහලට මාරුකර සිටියදී මියගොස් ඇත.

මෙලෙස මියගොස් ඇත්තේ බළන්ගොඩ ඇල්ලේපොළ පදිංචි පත්මසිරි අඹන්ගඟවත්ත ජයමිණි නම් 48 හැවිරිදි දෙදරු පියෙකි.
ඉකුත් 19දා රාත‍්‍රී 11.30ට පමණ අනතුර සිදුවී තිබේ. රත්නපුර නාගරික වැඩබලන හදිසි මරණ පරීක්ෂක ලක්මිණ තෙන්නකෝන් මහතා විසින් හදිසි මරණ පරීක්ෂණය සිදු කළේය.

සමරවීර නිරෝෂණ-පැල්මඬුල්ල

Popular posts from this blog

ගෝඨාගෙ උද්ඝෝෂණයට බන්දුල පද්මකුමාරත් ඇවිත්

විදුලි උපකරණ රෙපයාර් කර අලූත් ඒවා ලෙස විකුණන ජාවාරමක්

පාප් වහන්සේගේ ලංකාවේ සංචාරය ජනවාරි 12-15 ස්ථිරයි