දක්ෂිණ අධිවේගයේ බස් 43ක් වැඩි කරලා

දක්ෂිණ අධිවේගී මාර්ගයේ අධි සුඛෝපභෝගී පොදු ප‍්‍රවාහන සේවා සඳහා නව මාර්ග බලපත‍්‍ර 43 ක් නිකුත් කිරීමට ජාතික ගමනා ගමන කොමිසන් සභාව පියවර ගෙන තිබේ.

ඒ අනුව මහරගම - මාතර අතර මගී
සේවා බලපත‍්‍ර 28 ක් ද , මාතර කඩුවෙල අතර මගී සේවා බලපත‍්‍ර 15 ක් ද නිකුත් කළ බව එම කොමිසම සඳහන් කළේ ය.
හෙට සිට ක‍්‍රියාත්මක වන පරිදි මෙම බලපත‍්‍ර නිකුත් කර තිබේ.
සෑම බලපත‍්‍රයක් ම විධිමත් පරිදි අයදුම්පත් කැඳවා සම්මුඛ පරීක්ෂණවලින් ලබාගත් ලකුණු අනුව ලබා දුන් බව ජාතික ගමනා ගමන කොමිසන් සභාව සඳහන් කළේ ය.
එම කොමිසම පැවසුවේ, මගී සේවා බලපත‍්‍රවල ජ්‍යෙෂ්ඨත්වය, දායකයා සතු අනෙකුත් අන්තර් පළාත් මගී සේවා බලපත‍්‍ර ප‍්‍රමාණය සහ සේවා ගුණාත්මකභාවය ආදී කරුණු සැලකිල්ලට ගෙන මෙම ධාවන බල පත‍්‍ර නිකුත් කළ බව ය.

Popular posts from this blog

ගෝඨාගෙ උද්ඝෝෂණයට බන්දුල පද්මකුමාරත් ඇවිත්

පාප් වහන්සේගේ ලංකාවේ සංචාරය ජනවාරි 12-15 ස්ථිරයි

අපි දුන් මාධ්‍ය නිදහස ජාතිවාදී වෙබ් අඩවි වල්බූරු නිදහසක් කරගෙන - ජනපති