අසංවර ඇඳුමින් ශ‍්‍රී මහා බෝධියට ආ කාන්තාවට පොලිස් ලොක්කාගේ බලය

ශ‍්‍රී මහා බෝ මළුවට අසංවර ආකාරයේ ඇඳුමකින් සැරැසී පැමිණි කාන්තාවකට බෝ මළුවේ සේවයේ නියුතුව සිටි පොලිස් කොස්තාපල්වරියක් පූජා භූමියකටපිවිසෙද්දී පැමිණිය යුතු ආකාරය පහදා දීම නිසා ඇය සමඟ පැමිණි උසස් පොලිස් නිලධාරියකු කෝපයට පත්වී කොස්තාපල්වරියට බැනවැදීමේ
සිද්ධියක් වාර්තා වේ.දෙඅත් කොටට කපන ලද
හැට්ටයකින් සැරසුණු ප‍්‍රභූ පැලැන්තියේ යැයි කියන කාන්තාවක් ශ‍්‍රී මහා බෝධිය ප‍්‍රධාන පිවිසුමෙන් ඇතුළු වී විහාර මළුව වටා ගමන් කර නැවැතත් විහාර මළුවෙන් පිටතට යෑමට සූදානම් වී තිබේ.

එම අවස්ථාවේ කාන්තාව දුටු පොලිස් කොස්තාපල්වරිය ඉතා කාරුණික අයුරින් ඔබතුමිය ඔය ඇඳුම ඇඳගෙන ශ‍්‍රී මහා බෝ මළුවට ඇතුළු වූයේ කෙසේදැයි විමසා නායක ස්වාමීන් වහන්සේ දුටුවහොත් දෝෂාරෝපණයට ලක්වීමට තිබෙනවා යැයි පවසා කරුණාකර බෝ මළුවෙන් පිටතට යන ලෙස ඇයට දන්වා තිබේ. ඒත් සමගම නිල ඇඳුමින් සැරසී එම ස්ථානයට පැමිණි උසස් පොලිස් නිලධාරියකු ”මෙයා මාත් එක්ක ඉස්සරහ ගේට් එකෙන් ආවේ. මුකුත් ගැටලූවක් තියාගන්න එපා” යැයි කියමින් බැතිමතුන් දෙනෝදාහක් බලා සිටියදී කොස්තාපල්වරියට බැනවැදී එම ස්ථානයෙන් නිලධාරියා පිටව ගොස් තිබේ.

එයින් කොස්තාපල්වරිය දැඩි අපහසුතාවට පත්වී ඇත. පොලිස් නිලධාරියා අදාළ කාන්තාව රැක ගැනීමට උත්සාහ කරනු ලැබුවේ ශ‍්‍රී මහා බෝධීන් වහන්සේට වඩා තරු ගසාගත් තමන් ලොක්කකු බව එහි පැමිණ සිටි දෙනෝදාහකට අඟවමින් බව සිද්ධිය දුටු පුද්ගලයා අප සමඟ පැවැසීය.
අනුරාධපුර - මහේෂ් පටබැඳිගේ

Popular posts from this blog

ගෝඨාගෙ උද්ඝෝෂණයට බන්දුල පද්මකුමාරත් ඇවිත්

විදුලි උපකරණ රෙපයාර් කර අලූත් ඒවා ලෙස විකුණන ජාවාරමක්

පාප් වහන්සේගේ ලංකාවේ සංචාරය ජනවාරි 12-15 ස්ථිරයි