පූජාගේ පෙම්වතා නිරූපණ ශිල්පී දීපක්

ප‍්‍රකට නිළි පූජා උමශංකර්ගේ විවාහය පිළිබඳ කටයුතු මෙම වසර අගදී ලකලෑස්ති වන අතරේ ඇගේ පෙම්වතා කවුරුන්ද යන රහස දැන් එළිවී තිබෙනවා.
ඔහු ප‍්‍රකට නිරූපණ ශිල්පියෙකු හා විලාසිතා ඡායාරූප ශිල්පියෙකු වන දීපක් ෂන්මුගනාදන්ය. ශ‍්‍රී ලාංකික ද්‍රවිඩ තරුණයෙකුවූ ඔහු හා පූජා අතර සම්බන්ධය කාලයක පටන්

ක්ෂේත‍්‍රයේ අයට රහසක් නොවුණ අතර විලාසිතා දැක්මවල්, රූප

රැජිණි තරග ආදියට සහභාගී වෙද්දී පූජා ඔහු කැටුව බොහෝ අවස්ථාවල ගොස් ඇත්තේ ප‍්‍රසිද්ධියේය.
නමුත් පසුගිය කාලය පුරා ප‍්‍රචාරයක් පැවතුනේ පූජා හා ජනප‍්‍රිය නළු රොෂාන් රණවන අතර සම්බන්ධයක් ඇති බවටයි.
දෙදෙනාම මෙම කටකතා ප‍්‍රතික්ෂේප කර තිබුණ කාලයේ පූජා කියා සිටියේ තමා පෙම්වතෙකු සොයමින් සිටින බවත් ඇගේ මව ඒ ගැන වදවෙන බවත්ය.
දීපක් සමග පූජාගේ ආදරය ගොඩනැගුනේ මේ අතරයි. ප‍්‍රකට නිරූපණ ශිල්පියෙකු වන දීපක් ඇතැම් විලාසිතා තරග විනිශ්චයන් සඳහාද සහභාගී වන අතර ඔහු විලාසිතා ඡායාරූපකරණයටද යොමුව සිටී.
පූජා හා දීපක් අතර විවාහ ගිවිස ගැනීමේ උත්සවය ලබන නොවැම්බර් මස කොළඹ ප‍්‍රදේශයේදී සිදු කරන්නට නියමිතය.
 

Popular posts from this blog

ලොව දක්ෂතම ඉංග‍්‍රීසි කථිකයාට සම්මාන දිනූ ලාංකිකයා කතාකරන හැටි (වීඩියෝ)

චන්ද්‍රිකා පහුවෙලා වැඩ කරනවා බලන් ඉන්න බැරිම තැන එයාගේ අත් ඔරලෝසුවේ කටුව මිනිත්තු 10ක් ආපස්සට කැරකුවා ඉස්සර මං නදීකාටත් ට‍්‍රයි කළා - සනත් ගුණතිලක

මිලියන 400 කට මන්දිරය වික්ක බවට සැකයක්