මෛත‍්‍රීට බැන්නාට ගලගොඩඅත්තේ හිමිට ලක්ෂයක ශරීර ඇප
කොටුව මහෙස්ත‍්‍රාත් අධිකරණය අසල දී නීතිඥ මෛත‍්‍රී ගුණරත්න මහතාට බැණවැදුණේ යැයි කියන සිද්ධියට අදාළව බොදුබල සේනා සංවිධානයේ මහලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමි රුපියල් ලක්ෂයක ශරීර ඇපයක් මත මුදාහැරීමට කොටුව මහෙස්ත‍්‍රාත් තිළිණ ගමගේ මහතා ඊයේ (20) නියම කළේය.
නීතිඥ මෛත‍්‍රී ගුණරත්න මහතා කොම්පඤ්ඤවීදිය පොලිසියට කළ පැමිණිල්ලකට අදාළව ඊයේ පැවැති මහෙස්ත‍්‍රාත් පරීක්ෂණයේ දී ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට මෙලෙස ඇප නියම විය.
මෙම සිද්ධියට අමතරව ගලගොඩඅත්තේ ඥානසාර හිමි කුරාණයට අපහාස වන පරිදි ප‍්‍රකාශ නිකුත් කළැයි කියන සිද්ධිය සහ ජාතික බල සේනා සංවිධානයේ මාධ්‍ය සාකච්ඡාවට සාපරාධී බලහත්කාරය පෑ බව කියන සිද්ධිය සම්බන්ධ මහෙස්ත‍්‍රාත් පරීක්ෂණය ද ඊයේ අධිකරණයේ විභාග විය.
ඊට අදාළව අධිකරණයේ කරුණු
දැක්වූ කොළඹ අපරාධ කොට්ඨාසය ප‍්‍රකාශ කළේ මෙම සිද්ධිවලට අදාළ රූපවාහිනී දර්ශන ඇතුළත් සංයුක්ත තැටි පරීක්ෂණ සඳහා මේ වන විට මොරටු විශ්ව විද්‍යාලය වෙත ඉදිරිපත් කර ඇති බවත් එහි වාර්තා කිසිවක් තවමත් ලැබි නොමැති බවත්ය. මෙම සිද්ධීන් නීතිපති උපදෙස් සඳහා යොමුකර ඇති බවත් කොළඹ අපරාධ කොට්ඨාස නිලධාරීහු අධිකරණයට ප‍්‍රකාශ කළහ.
ජාතික බල සේනා සංවිධානයේ මාධ්‍ය සාකච්ඡාවට සාපරාධී බලහත්කාරය පෑවේ යැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණයේ විභාග වූ මහෙස්ත‍්‍රාත් පරීක්ෂණයේ දී පැමිණිලිකාර වටරැක විජිත හිමි වෙනුවෙන් ඉකුත් ජුනි මස 10 වැනි දා අධිකරණයේ කරුණු දක්වනු ලැබුවේ නීතිඥ මෛත‍්‍රී ගුණරත්න මහතාය.
එම මහෙස්ත‍්‍රාත් පරීක්ෂණයෙන් අනතුරුව නීතිඥවරයා විසින් මාධ්‍ය වෙත අදහස් දක්වමින් සිටිය දී ගලගොඩඅත්තේ ඥානසාර හිමි විසින් නීතිඥවරයාට බැණවැදුණේ යැයි අධිකරණයට කරුණු හෙළිවිය.
මයුරි පෙරේරා