මං ජනාධිපතිවරණය ඉලක්ක කර චිත‍්‍රපටයක් හදල නෑ - ජැක්සන්
ජනාධිපතිවරණය ඉලක්ක කරගෙන රජයේ මැතිවරණ ව්‍යාපාරයට අදාළ කිසිදු චිත‍්‍රපටයක් තමන් විසින් නිර්මාණය නොකරන බවත්, එවන් පැවරීමක් රජය විසින් සිදුකර නැති බවත් ජනප‍්‍රිය රංගන ශිල්පී ජැක්සන් ඇන්තනි මහතා (16 දා) කීවේය.
මම පසුගිය කාලේ දවස් හැත්තෑ පහක් කොළඹ හිටියේ නෑ. දස්කොන් ටෙලිනාට්‍යයේ රූගත කිරීම්වට කොළඹින් බැහැරව සිටියා. මම ඉකුත් 14 දා කොළඹ ආවා විතරයි දසතින් දැනගත්තා මා ගැන ව්‍යාජ ප‍්‍රවෘත්තියක්. රජය මට මුදලක් දීලා මැතිවරණ ව්‍යාපාරයට උදව්වන ආකාරයේ චිත‍්‍රපටයක් හදන බව. අමූලික බොරුවක්. ප‍්‍රකට නායක හිමිවරුන් පවා මේ මුසාවාදය ප‍්‍රචාරය කළා. මට චිත‍්‍රපට
හදන්න ලොකු උවමනාවක් තියෙනවා. ඒත් මම සූදානම් වන කිසිම චිත‍්‍රපටයකට ඔය කියන තේමාවෙන් චිත‍්‍රපටයක් කෙරෙන්නේ නෑ. ඔය භීෂණ සමය ඕනෑම කෙනකුට නිර්මාණයකට හොඳ මූලාශ‍්‍රයක්. ඒවා කවුරුහරි හදයි. ඒත් මට අදාළ නෑ. මගේ චිත‍්‍රපටවල තියෙන්නේ සෞන්දර්යය. මට රජය ඔය කියන ආකාරයේ පැවරීමක් කරලත් නෑ. එවන් සාකච්ඡාවක් කරලත් නෑ. කිසිදු සාධකයක් නැති කතාවක්. ගින්නක් නැතිව නගින දුමක්. මම දන්නේ නෑ මොකද්ද මෙහි මූලය කියලා. ඒත් එහෙම දුමාරයක් යනවා. මගේ සෞන්දර්ය චිත‍්‍රපට කලාව පෝෂණය කිරීම මිස වෙන කිිිසිම අරමුණක් මට නැති බව මම වගකීමෙන් කියනවා.
මීට පෙරත් මා පිළිබඳ මුසාවාද බොහොමයක් පැතිරුණා. බොරුවේ හැමදාම ඉන්න බෑ. නමුත් මෙවර මගේ හිත කම්පනයට පත්වුණේ නායක හිමිනමකුත් මේ බොරුව මත පිහිටා සිටීම නිසයි. මම නිර්මාණය කළේ දස්කොන්. මට වෙන කිසිම පැත්තකට මගේ චිත‍්‍රපට කලාව හරවන්න ඕන නෑ.
අජිත් අලහකෝන්