අපි සෝභිත හිමි සමග එක්වෙනවා - අතුරලියේ රතන හිමි

ඉදිරි කාලයේදී පූජ්‍ය මාදුළුවාවේ සෝභිත හිමි සමග පිවිතුරු හෙටක් සංවිධානය ඉතා අවබෝධයෙන් එකට එක්ව කටයුතු කිරීමට තීරණය කළ බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමියෝ  පැවසූහ.

පූජ්‍ය මාදුළුවාවේ සෝභිත හිමියන් සමග හිටපු අගවිනිසුරු සරත් එන්. සිල්වා මහතා සහ තමන් වහන්සේ ඇතුළු පිරිසක් ඊයේ (23 දා)පෙරවරුවේදී විශේෂ සාකච්ඡාවක් පැවැත්වූ බවත් එහිදී මෙම තීරණයට එළැඹි බවද උන්වහන්සේ කීහ.
මෙම විශේෂ සාකච්ඡාවේදී ඉදිරි ජනාධිපතිවරණය ඇතුළුව රටේ වත්මන් දේශපාලන ප‍්‍රවනතා සම්බන්ධව පැය කිහිපයක් සාකච්ඡා කළ බවද කී රතන හිමියෝ එහිදී ඉදිරි කටයුතු සම්බන්ධව පොදු එකඟතාවකට පැමිණි බවද ඒ අනුව ඉදිරියේදී දෙපාර්ශ්වය ඉතා අවබෝධයෙන් කටයුතු කිරීමට තීරණය කළ බවද වැඩිදුරටත් කියා සිටියහ.
අකිත පෙරේරා


Popular posts from this blog

ගෝඨාගෙ උද්ඝෝෂණයට බන්දුල පද්මකුමාරත් ඇවිත්

විදුලි උපකරණ රෙපයාර් කර අලූත් ඒවා ලෙස විකුණන ජාවාරමක්

පාප් වහන්සේගේ ලංකාවේ සංචාරය ජනවාරි 12-15 ස්ථිරයි