අද අයවැයේදි ඡන්දෙ නිසා සහන දෙනවලූ

2015 වසරේ රුපියල් කෝටි එක්ලක්ෂ අසූඑක්දහස් දෙසීයක රජයේ වියදම පියවා ගන්නා ආකාරය දැක්වෙන අයවැය වාර්තාව අද (24 දා) පස්වරු 1.00 ට මුදල් ඇමැතිවරයා වශයෙන් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලබයි.

ජනාධිපතිවරණයකට පෙර රජය විසින් ඉදිරිපත් කරනු ලබන මෙම අයවැය රජයේ සේවකයන්ට සහ ජනතාවට සහන රැසක් රැගත් අයවැයක් වනු ඇතැයි දේශපාලන විචාරකයෝ සඳහන් කරති.
ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අද අයවැය කතාව ඉදිරිපත් කළ පසු අයවැය දෙවැනිවර කියවීමේ විවාදය හෙට (25 දා) සිට 01 වැනිදා දක්වා පැවැත් වේ.
24 දා සවස 6.30 ට අයවැය අවසන් වර ඡන්ද විමසීම පැවැත්වේ.
රාජ්‍ය සේවක වැටුප් සහ විශ‍්‍රාම වැටුප් වැඩිකිරීම ඇතුළු ජනතාවට සහන සැලසෙන අයවැය යෝජනා ගණනාවක් මෙවර අයවැයට ඇතුළත් වන අතරම දැනට රජය විසින් ආරම්භ කර ඇති සංවර්ධන ව්‍යාපෘති නිසිලෙසට සම්පූර්ණ කිරීමට සහ අලූතින් ආරම්භ කිරීමට ද හඳුනාගෙන ඇති සංවර්ධන ව්‍යාපෘති දියත් කිරීමට ද අයවැය ප‍්‍රතිපාදන වෙන් කිරීමේදී ප‍්‍රමුඛත්වය ලබා දී ඇති බව ආරංචි මාර්ගවලින් අනාවරණය වෙයි.

Popular posts from this blog

ලොව දක්ෂතම ඉංග‍්‍රීසි කථිකයාට සම්මාන දිනූ ලාංකිකයා කතාකරන හැටි (වීඩියෝ)

චන්ද්‍රිකා පහුවෙලා වැඩ කරනවා බලන් ඉන්න බැරිම තැන එයාගේ අත් ඔරලෝසුවේ කටුව මිනිත්තු 10ක් ආපස්සට කැරකුවා ඉස්සර මං නදීකාටත් ට‍්‍රයි කළා - සනත් ගුණතිලක

මිලියන 400 කට මන්දිරය වික්ක බවට සැකයක්