කොස්ලන්ද නායයාමෙන් අතුරුදන් පිරිස 300 යි තවම හමුවූ මළ සිරුරු 14 යි
අද උදෑසන බදුල්ල කොස්ලන්ද මීරියබැද්ද ප‍්‍රදේශයේ සිදු වූ නායයාම් තත්වය
නිසා අතුරුදන් පිරිස දැන් 300 ඉක්මවා ඇතැයි වාර්තා වනවා.
අද උදෑසන පාසලට ගිය පාසල් සිසුන් හැර එම පස් කන්ද යට එම අවස්ථාවේ ජීවත්වූ නිවෙස්වල සිටි වැඩි පිරිස මෙම නායයාම නිසා මියයන්නට ඇතැයි වාර්තා වනවා.
ආපදා කළමනාකරණ ඇමතිවරයා දක්වන සංඛ්‍යාලේඛන මීට තරමක් වෙනස් වන අතර ඔහු පවසන්නේ මෙම ස්ථානයේ 330 ජීවත්වූ බවත්
ජීවතුන් අතර සිටින පාසල් සිසුන් 75 ක්හා වැඩිහිටියන් 105 ක් පමණ බැවින් අතුරුදන් පිරිස 150 ක් පමණ වන බවයි.
මේ හේතුවෙන් විනාශ වූ නිවාස සංඛ්‍යාව 67 වන අතර නායයාමෙන් පුද්ගලයන් 14 දෙනෙක් ගේ මළ සිරුරු හමුව ඇත. ලයින් කාමර ලෙස පැවති නිවාස මේ ආකාරයට ගිලා බැස ඇත.
හල්දුම්මුල්ල
කොස්ලන්ද මීරියබැද්ද ප‍්‍රදේශයේ සිදු වූ නායයෑමෙන් විපතට පත්වූවන් සෙවීමේ මෙහෙයුම් යුද හමුදාවේ ද සහය ඇතිව සිදු කළ අතර ඒ අසළ තවත් කන්දක් නායයාමට අවදානමක් ඇති නිසාත් හවස් වනවිට තත්වය අතිශය දුෂ්කර වන නිසාත් සෙවීම් කටයුතු සන්ධ්‍යාවේ නවතා හෙටට කල් දැමුවා.
නිවාස 80ක් පමණ පස් කඳුවලින් යට වී ඇති අතර, එම අවස්ථාවේ එහි සිටි පිරිස් අතුරුදන්ව සිටිනවා.
අයහපත් කාලගුණය මෙහෙයුම් නතර කිරීමට හේතුවක් වී ඇති බවත්, නැවතත් හෙට(30* දිනයේ මෙහෙයුම් ක‍්‍රියාත්මක කරන බවත් පැවසුණා.
නායයෑමට ලක් වූ අදාළ ප‍්‍රදේශයේ වතු නිවාසවල පුද්ගලයින් 330ක් පමණ පිරිසක් ජීවත්ව
සිටි බවට අද(28* පස්වරුවේ සිදුකරන ලද සමීක්ෂණයකින් අනතුරුව තහවුරු වු අතර සියල්ලන් පිළිබඳ විස්තර තිබුණ කාර්යාලද නායයාමෙන් විනාශවී ඇති නිසා වාසය කළවුන් අතරින් අතුරුදන් අය කවුදැයි තවම පැහැදිලි කරගෙන නැත.
එසේම එම පුද්ගලයින්ගෙන් එකසිය ගණනක පිරිසක් ජීවතුන් අතර සිටින බවට දැනටමත් අනාවරණය වී ඇති නමුත් ඔවුන් තවමත් තැන් තැන්වල සිටින නිසා සංඛ්‍යාලේඛන රැස් කරන්නටද දුෂ්කර වී ඇත.
නායයෑම මෙහෙයුමට ත‍්‍රිවිධ හමුදාවේ 500 ක් පමණ සෙබළුන් පිරිසක් යොදවා තිබුණා.