දුව හම්බවෙද්දි මගෙ බර කිලෝ 57 ඉඳලා 70 ට ගියා දැන් ආයෙ 57 - වත්සලා
මුලින්ම අපි වත්සලාගේ චූටි දූ ගැන විස්තර ටිකක් කතා කරමු....
දුවගේ නම හිතෛෂී වෙනායා. දූ ඉපදුනේ 2014 මාර්තු 24 වෙනිදා. දැන් තමයි එයාගේ හුරතල් වැඩ වැඩිපුරම තියෙන්නේ. දුවත් එක්ක දවස ගවෛනකොට කාලය යනවා තේරෙන්නේ නැහැ.
දුව දැන් අම්මා තාත්තව හොඳට අඳුනනවද?
ඔව්... ඔව්... කටහඬ ඇහුණත් අඳුනගන්නවා. ඒ වගේම ප‍්‍රසංගගෙ අම්මයි අපේ අම්මයි දෙන්නවත් අඳුනනවා. දුවට ගෙදරට ආදරේට කතාකරන්නේ බි‍්‍රත් කියලා. බි‍්‍රත් කියපු හැටියම එයා බලනවා.
දුවල වැඩිපුර ආදරේ තාත්තටලූ. ඔයාගේ දුවත් ඒ වගේද?
ඒ කතාව නම් ඇත්ත තමයි. දුව දවස පුරා ඉන්නේ මාත් එක්ක. හැබැයි හවස ප‍්‍රසංග වැඩ ඇරිල එන වෙලාවට එයාගෙ කටහඬ ඇහෙනකොටම ඒ දිහාට අවධානය යොමුවෙනවා. ඒ වෙලාවට ප‍්‍රසංගට එයාව වඩාගන්න ඕනමයි.
දුවගෙ කටයුතු වත්සලා අතින්මද සිදුවන්නේ....?
මුල් මාස කිහිපයේ ප‍්‍රසංගගෙ අම්මයි අපේ අම්මයි ඇවිත් හිටියා. දැනටත් අපේ අම්මා එනවා. නමුත් මම තමයි සියලූම කටයුතු කරන්නේ. ප‍්‍රසංගගෙනුත් ලොකු සහයක් ලැබෙනවා.
දුව ගැන අපි කතාකළා. වත්සලාගේ කලා ජීවිතේ ගැනත් ටිකක් කතා කරමු.
මම අන්තිමට රඟපෑවේිඅංගනා’ ටෙලි නාට්‍යයේ. දුව ඉපදෙන්න ආවට පස්සේ කිසිම නිර්මාණයක් භාරගත්තේ නැහැ.
අලූතින් නිර්මාණ භාරගත්තෙත් නැද්ද?
දුව තව ටිකක් ලොකු වුණාට පස්සෙ තමයි අලූතින් නිර්මාණ භාරගන්නේ.
එතකොට වත්සලා රසික රසිකාවියන්ගෙන් සම්පූර්ණයෙන්ම දුරස්වෙලාද?
මම ක්‍කැ්ර ආයතනයේ සන්නාම තානාපතිනිය විදියට ඉන්නවා. ඒ හින්දා එහි වැඩසටහන්වලට යන්න වෙනවා. ඒ වගේම රූපවාහිනී වැඩසටහන්වලටත් සහභාගි වෙනවා.
නිළියක් විදියට තමන්ගෙ රුව ගැන සිතන්න වෙනවා. මව්වරුන් වූ නිළියන් සිය ශාරීරික හැඩය වෙනුවෙන් යම් කැපවීම් කරනවා. ඔබත් ඒ වගේ ක‍්‍රියා අනුගමනය කරනවද?
මම නම් ආහාර පාලනය, ශාරීරික ව්‍යායාම වැනි දේවල් වෙනුවෙන් කැපවෙන්නෙ නැහැ. මුළු කාලයම දුව වෙනුවෙන්ම තමයි යොදවල තියෙන්නේ. මම ටිකක් මහත්වෙන සුළු ශරීරයක් තියෙන කෙනෙක්. දුව ඉපදුනු අලූත මම මහත්වෙලා හිටියා. මගෙ සාමාන්‍ය බර කිලෝ ග‍්‍රෑම් 57යි. ඒ ප‍්‍රමාණය කිලෝ ග‍්‍රෑම් 70 දක්වා වැඩිවෙලා තිබුණා. හැබැයි ඉතින් දැන් ආයෙම කිලෝ ග‍්‍රෑම් 57 වෙලා. ඒ තත්ත්වෙට ආවේ ආහාර පාලනය වත් ශාරීරික ව්‍යායාම් හින්දවත් නමෛයි. උදේ ඉඳන් දවස පුරා ගෙදර දොරේ සාමාන්‍ය කටයුතු කරන එකත් හොඳ ව්‍යායාමයක් කියලා තමයි මට නම් හිතෙන්නේ.
ඡායාරූප :- නාලක කළුවිතාරණ
ආරියවංශ කුලතිලක