නිවස සොරුන් බිඳ අසරණවූ හරුන් ලන්ත‍්‍රාට ලක්ෂයක්


හැගුම්බර ආදර ගී ගායනා කර යුගයක් ආලෝක කළ ප‍්‍රවීණ ගායක හරුන් ලන්ත‍්‍රා ගායකයාගේ නිවසට හොරු පැන ඔහු අන්ත අසරණ වූයේ පසුගියදාය.
මෙම සිද්ධිය නිසා ඔහුට මුදල් අහිමිවූවාසේම අනාරක්ෂිතව වාසය කිරීමේ බියද ඇතිවිය.
කැලණිය පොල්හේන ජාතික නිවාස සංකීර්ණයේ විසූ හරුන් ලන්ත‍්‍රා සහ ඔහුගේ බිරිය වාසය කළ නිවසට පසුගිය දිනෙක රාත‍්‍රී කාලයේ ඇතුළුවූ සොරුන්

නිවසේ අල්මාරියක තබා තිබුණ රුපියල් හැත්තෑදහසක මුදලක් සොරාගෙන ගොස් තිබුණා.
සිද්ධිය ගැන පොලිසියට දැනුම් දුන් නමුත් තවම මෙම සොරුන් අල්ලාගන්නට හැකියාවක් ලැබී නැත.
මෙම සිද්ධිය නිසා කම්පනයෙන් කල්ගත කළ හරුන් ලන්ත‍්‍රා ගැන කලා ලෝකයේ කතාබහක්

ඇතිවුණා. පසුගියදා මේ ගැන ජනපතිවරයාටද දැනගන්නට ලැබුණා. අසරණ කලාකරුවාට පිහිටවන ලෙස ජනපති සංස්කෘතික ඇමතිවරයාට දැන්වුවා.

ඒ අනුව අද(29) හරුන් ලන්ත‍්‍රාගේ නිවසටම ගොස් රුපියල් ලක්ෂයක මුදල් ප‍්‍රමාණයක් රජය වෙනුවෙන් ලබාදෙන ලෙස ඇමතිවරයාට උපදෙස් ලැබී තිබෙනවා.

හදිසි අව්‍යශතාවයකට ප‍්‍රයෝජනයට ගන්නට සිතා හරුන් ලන්ත‍්‍රා මහතා නිවසේ සගවා තිබී අහිමිවුණ රුපියල් හැත්තෑදහසක මුදල වෙනුවට ඔහුට රුපියල් ලක්ෂයක් ලබාදෙන්නට තමන් එහි අද යන බව සංස්කෘතික කටයුතු අමාත්‍යංශය අද කටයුතු කරනු ඇත.
මෙම මුදල පීඩාවට පත් අසහාය  කලාකරුවානන්ට අස්වැසිල්ලක් උදා කරනු ඇත.

Popular posts from this blog

ගෝඨාගෙ උද්ඝෝෂණයට බන්දුල පද්මකුමාරත් ඇවිත්

විදුලි උපකරණ රෙපයාර් කර අලූත් ඒවා ලෙස විකුණන ජාවාරමක්

පාප් වහන්සේගේ ලංකාවේ සංචාරය ජනවාරි 12-15 ස්ථිරයි