පාසල් සිසුන් 75 කට දෙමාපියන් නැතිවුණා... අහස් යානයක් පාත්වෙනව වගේ සද්දයක් ආවා දිවිබේරාගත් කොස්ලන්ද ලයින් කාමර වැසියන් කඳවුරේදි කියන කතා
කොස්ලන්ද ප‍්‍රදේශයේ සිදුවූ නායයාමෙන් ලයින් කාමරවල සිටි පවුල් හැත්තෑවක් පමණ අනතුරට ලක්ව තිබූ අතර කඩ කාමර දහයක්ද, නිල නිවාස තුනක් ද, කෝවිලක් හා ප‍්‍රජාශාලාවක් ද සම්පූර්ණයෙන්ම පස් කන්දට යටව ගියා.
වර්ග කිලෝමීටර් තුනකට වැඩි ප‍්‍රදේශයක් සම්පූර්ණයෙන්ම පස්වලින් වැසුණා.
මිනිසුන් සමග සිටි ගවයන්, එළුවන්, සුනඛයන් වැනි සතුන් ද පණ පිටින්ම වැළලී ගියා.
ජීවිත හානි නිවාස හානි වලට අමතරව නවතා තිබූ ලොරි හා තවත් වාහන කිහිපයක් ද පස්වලට යටව ගියා.
ආපදා කළමනාකරණ සමීක්ෂණ වාර්තාව අනුව සිද්ධිය නිසා අතුරුදන් හෝ මියගිය පිරිස 190 ක් ලෙස දැන් වෙනස් කර තිබෙනවා. ජීවත්ව සිටින පාසල් සිසු සිසුවියන් 75 කට දෙමාපියන් අහිමිවීම මෙම ඛේදවාචකයේ
තවත් අඳුරු පැත්තකි.
හමුවූ මළසිරුරු අතර, බැතිමතුන් පිරිසක් සමඟ කෝවිල තුළ ආගමික වතාවත්වල නියැලී සිටි පූසාරිවරයාගේ මළ සිරුර හමු වී ඇත. මියගිය වයස අවුරුදු 35ක පමණ කාන්තාවක්, අවුරුදු 55ක පමණ පිරිමි පුද්ගලයෙකු සහ අවුරුදු 5ක පමණ දරුවෙකුගේ මෘත ශරීර ද කොස්ලන්ද රෝහලේ තැන්පත් කර ඇත.
මෙම සිද්ධිය සිදුවූ හැටි ගැන දැනට කඳවුරුවල නැවතී සිටින අය ලබාදෙන සාක්ෂි පහත පරිදිය.
එම් මහේන්ද්‍රන්(29*
උදේ 7 ට විතර මම ගෙදර ඉන්න වෙලාවෙ එකපාරට මහ සද්දයක් ඇහුණා.මම එළියට බහින් කොටම කන්ද එකපාරට පාත්වුණා. මම පණ බේරගන්න දුවනකොට පස් කන්දට ගෙවල් යටවෙනවා. මාත් පස්වලට යටවුණා. පස්සෙ කට්ටියක් මාව බේරගෙන ඉස්පිරිතාලෙට එක්ක ගියා.
ශෂිකලා මහත්මිය
ගුවන් යානයක් කඩා වැටෙනවා වගේ මහා ශබ්දයක් ආවා. මීදුම වැන්නකින් පළාතම වැසුණා. මම ඈත බලන විට ලයින් නිවාස තිබූ ස්ථානය මහා පස් කන්දකින් වැසිලා. කිසිදු ගෙයක් පේන්නවත් තිබුණේ නැහැ...ඈත එක පැත්තකින් විලාප හඬක් ඇසුණා..
එම්. රාධා මහත්මිය
මට හිතාගන්න බැරි වුණා. මුළු ප‍්‍රදේශයම දෙදරවමින් කන්ද කඩා වැටුණා. මාව පස් කන්දකට යට වුණා. මගේ ඉඟටියෙන් පහළ පස්වලට යට වුණා. මගෙ දරුවො තුන්දෙනායි අම්මයි, අප්පයි අනෙක් කට්ටියටයි වෙච්ච දෙයක් නෑ. දෙවියනේ මොකක්ද මේ වුණේ මට තවමත් හිතාගන්න බෑ මොකක්ද මේ වුණේ කියලා. මගේ දරුවෝ, නෑයෝ ඔක්කොම පස්වලට යටවෙලා.
එන්. මහින්දන් මහතා
මහා වර්ෂාවත් සමගම ඊයේ මහා පාන්දර මහා ශබ්දයක් ඇති වුණා. බැලින්නම් පාන්දර විශාල පස් කන්දක් පමණක් දකින්නට ලැබුණේ.
මුළු පළාතම කළුවර කරමින්, දූවිල් නංවමින් එකපාරටම කන්ද කඩා වැටුණා. වෙච්ච දේ හිතාගන්නවත් බෑ. ලයිම් ගෙවල් ඔක්කොම පස්වලට යට වුණා. මම පස් කන්දට යටවෙලා වීසිවෙලා ගියා. කට්ටියක් එකතුවෙලා පස් ඉවත් කරලා මාව බේරාගත්තා. අනෙක් අයට වෙච්ච දෙයක් නෑ.
ගෝපාල් මහේන්ද්‍රන් මහතා
මම පෞද්ගලික ආයතනයක සිකුරිටි රැකියාවක් කරනවා. පාන්දර රැකියාවට යද්දි මහා ශබ්දයක් ඇති වුණා. පිටුපස හැරිලා බලද්දී මුළු පළාතම කළුවර වී තිබුණා.අපේ ගෙවල් දොරවල්වලට දරු පවුලට මොනවා වුණාද කියලා හිතන්න බැරි වුණා. මීට පෙරත් මේ පළාත නායයනවා. මගේ බිරිඳ මගේ දරුවාට මොනවා වුණාද කියන්න දන්නේ නැහැ.
ආර්. ලෙච්චමි
කන්ද නායයද්දී මගේ දණහිසට ඉහළින් පස්වලට යට වුණා. තවත් පස් කන්දක් ජල කඳත් සමග ගසාගෙන එද්දී කවුදෝ මාව ඇදලා ගත්තා මගේ දරු දෙදෙනාට වෙච්ච දෙයක් නැහැ. මගේ නිවස පොළොවට සමතලා වුණා. ඒ වෙලාවේ මගේ සැමියා ගෙදර හිිටියේ නැහැ.ඊයේ දවසේ මේ පැත්තේ වැස්ස තිබුණා.මේ වගේ විපතක් වෙයි කියලා අපි හීනෙන්වත් විශ්වාස කළේ නැහැ.
රාජගෝපාල් (41* මහතා
කන්ද මුදුනින් විශාල ශබ්දයක් ආවා. මම කන්දට නැග්ගෙ ඒ ශබ්දය බලන්නයි. ඒ වනවිට වෙලාව 6.30ට විතර ඇති.
විනාඩි දෙකක් ගියේ නෑ එකපාරටම පහළ තිබුණ කන්ද පාත් වෙන්න ගත්තා. මට අදහගන්න බැරි වුණා. ඒත් එක්කම ලයින් කාමර හැටතුනක්ම තිබූ තැන තිබුණේ නෑ. මයෙ හිතේ එකසිය හැටපස්දෙනකුට වඩා ඒ වෙලාවේ ලයින්වල හිටියා වෙච්ච දේ හීනයක් වගේ.
කඳවුරුවල සිටින අයගේ ඡායාරූප කිහිපයක් පහතින්
ඡායාරූප - රංජිත් රාජපක්ෂ