කැබ් රිය තල්ලූකරන් ගිය දුම්රිය පියා මව දියණියන් දෙදෙන යට කරලා

කඳාන රිළවුල්ල දකුණු බටගමට පිවිසෙන මාර්ගයේ පිහිටි දුම්රිය හරස් මාර්ගයේ අනතුරු සංඥ නාද නොතකා ගමන් කළ කැබ් රථයක් ඊයේ (26 වැනිදා) සවස කොළඹ සිට ජාඇල දෙසට ගමන් කළ දුම්රියක ගැටීමෙන් කැබ් රථයේ සිටි එකම පවුලේ මව, පියා හා දියණියන් දෙදෙනකු බරපතළ තුවාල ලබා රාගම
රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කර ඇත.
මෙලෙස අනතුරට පත්ව ඇත්තේ අංක 34/ඒ, දොලහේන පාර, දකුණු බටගම, කඳාන ලිපිනයේ පදිංචිවී සිටි ටී. එච්. ලසන්ත (පියා) ශ‍්‍රියාලතා සෙනෙවිරත්න (මව) දියණියන් වන හංසි කවිෂා (8)හා දනුෂි රවිෂා (16) යන අයයි. වාහනය පදවාගෙන ගිය ටී. එච්. ලසන්ත යන අයගේ තත්ත්වය බරපතල බව රාගම රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.
ඊයේ (26 වැනිදා) සවස 3.15 ට පමණ සිදුවූ මෙම අනතුරෙන් දුම්රියේ ගැටුණු කැබ්රථය දුම්රියේ පැටලී මීටර් 300 ක් පමණ ඈතට ඇදගෙන ගොස් තිබුණි. දුම්රිය නතර වූ පසු එම ස්ථානයට රැස්වූ ප‍්‍රදේශවාසීන් කැබ් රථය තුළ සිටි තුවාල කරුවන් ඉක්මනින් රාගම රෝහලට රැගෙන යැමට කටයුතු කර තිබිණි.

කැබ් රථයේ සිටි දියණියන් දෙදෙනා දහම්පාසල් ඇඳුමින් සැරසී සිටි බව ප‍්‍රදේශවාසීහු පවසති. තුවාලකරුවන් ඒ මොහොතේම රාගම රෝහලට රැගෙන යැමට කටයුතු කර ඇත. දුම්රියේ හිරවී තිබූ කැබ් රථය ගැලවීම සඳහා කඳාන පොලිස් ස්ථානාධිපති ප‍්‍රධාන පොලිස් පරීක්ෂක චන්දන කන්දේවත්ත මහතාගේ උපදෙස් මත පො.ප. කහඳවිල මහතා ඇතුළු නිලධාරීහු කටයුතු කළහ. මෙම දුම්රිය අනතුරු නිසා කොළඹ කොටුව හලාවත දුම්රිය මාර්ගය අවහිර වීම නිසා දුම්රිය ගමනා ගමනයේදී ප‍්‍රමාදයක් සිදුවිය.
කඳාන - රුක්මන් පින්තු

Popular posts from this blog

ලොව දක්ෂතම ඉංග‍්‍රීසි කථිකයාට සම්මාන දිනූ ලාංකිකයා කතාකරන හැටි (වීඩියෝ)

චන්ද්‍රිකා පහුවෙලා වැඩ කරනවා බලන් ඉන්න බැරිම තැන එයාගේ අත් ඔරලෝසුවේ කටුව මිනිත්තු 10ක් ආපස්සට කැරකුවා ඉස්සර මං නදීකාටත් ට‍්‍රයි කළා - සනත් ගුණතිලක

මිලියන 400 කට මන්දිරය වික්ක බවට සැකයක්