කලාව හින්දා මවක් වෙන එක කල් දැම්මා - සුලෝචනා
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEifo1LAfNL48LuaSDTZyiuDWv4KaYdKfHVjgfT4Flqs9JPFtelRYVMgjrYnvXLJs25DzvHEDd0Y2mNSrM5jdnWmeoUj7KWMXqtN8OZauMOWaBJAohflHV2MQ1ZCs2SMif1y3X_fAoUvr08M/s1600/t3453.jpg)
නව පරපුරේ නිළියන් අතර අභියෝගාත්මක චරිත බාරගන්නියක ලෙස ප‍්‍රකට සුලෝචනා වීරසිංහ සමග කළ සාකච්ඡාවක කොටසක් පහත පළවේ.
ජීවිතයම රංගනයට කැපවෙලා වගෙයි?
කාලයක් එහෙම තිබුණා. නමුත් දැන් මං ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ප‍්‍රවෘත්ති නිලධාරිනියක් විදිහටත් වැඩ කරනවනේ. ඒ හින්දා රැකියාවටත් ඉඩ දෙමින් ඊට බාධාවක් නොවන පරිදි රඟපානවා.
ඔබ වැඩිපුර දකින්න ලැබෙන්නෙ ෙවිදිකාවේ. වේදිකා නාට්‍යයක රඟපානකොට පෙර පුහුණුවීම්වල යෙදීම අත්‍යවශ්‍යයි. රැකියාවේ නියැළෙන ගමන් ඊට සහභාගි වන්නේ කොහොමද?
ගොඩක් වෙලාවට මං රිහසල්ස් යන්නෙ හවස්වරුවේ. ඒ කියන්නෙ රැකියාව නිම වූ පසුව. කොහොමත් මං රංගන ශිල්පිනියක් වෙලා පසුව රැකියාවට ගිය නිසා පොඩි වාසියක් තියෙනවා. වේදිකා නාට්‍ය ෂෝස් තියෙන වෙලාවට ඒ නිසා ඉඩ පහසුකම් ලබාගත හැකියි.
මේවන විට ඔබ විවාහකයි?
ඔව්, කාටත් රහසින් තමයි විවාහ වුණේ. නමුත් දැන් නම් හැමෝම දන්නවා.
ලොව උතුම්ම පදවිය ලබන්න තවම හිතක් නැහැ වගෙයි?
අම්මා කෙනෙක් වෙන්න මං ආසයි. ඒ බලාපොරොත්තුව කල්දාලා ඉන්නේ කලාව හින්දම තමයි.
ඔබගේ ඡායාරූප ගනිද්දි අන් නිළියන් වගේ මේකප් පාවිච්චි කරන්නේ නැත්තෙ ඇයි?
මං ආසයි මගෙ ඇත්ත ස්වරූපෙන් පෙනී සිටින්න. ඒකයි එහෙම කරන්නෙ.
සුලෝචනා වීරසිංහ කියන්නෙ මොනවගේ කෙනෙක්ද?
මට මා ගැන කියනවට වඩා ඒක මිනිස්සු තීරණය කරයි. මම මොනවගේ කෙනෙක්ද කියලා. ඔබ ඔය ප‍්‍රශ්නෙම අනිත් නිළියන්ගෙන් අහලා තිබුණා. එතකොට ඒ අය විවිධ උත්තර දීලත් තිබුණා. මට එහෙම බෑ. මං ගැන මමම කරන වර්ණනාවලට මං කැමැති නෑ.
මේ දවස්වල ඔබේ නිර්මාණ කටයුතු කොහොමද?
සුමුදු වෙල්ලාලගේ ගෙ හුස්ම සහ ඔක්සිජන්, මොහන්ජි රංගනාථගේ හිරු දරුවෝ වැනි නාට්‍යවල පමණයි රංගනයෙන් දායක වෙලා ඉන්නේ. වේදිකාවේ නම් ගිහාන් ඇලෝසියස්ගේ රියැලිටි ෂෝ නම් වූ වේදිකා නාට්‍යයක පුහුණුවීම්වල නිරත වෙලා ඉන්නවා. ළඟදීම එහි මංගල දැක්ම පැවැත්වේවි.
සටහන - ප‍්‍රසාද් සමරතුංග (සරසවිය*