ඇම්බියුලන්ස් - ට‍්‍රක් අනතුරින් වෛද්‍යවරියක ඇතුළු තිදෙනෙකු මරුට
සෙනසුරාදා උදෑසන හලාවත පුත්තලම මාර්ගයේ බතුලූඔය ප‍්‍රදේශයේ සිදුවූ බිහිසුණු රිය අනතුරක් නිසා වෛද්‍යවරියක ඇතුළු තිදෙනෙකු ජීවිතක්ෂයට පත්වුණා.
පුත්තලම මූලික රෝහලේ ප‍්‍රතිකාර ලබමින් සිටි රෝගී දරුවෙකු වැඩිදුර ප‍්‍රතිකාර සඳහා බොරැල්ල ළමා රෝහල වෙත රැගෙන ගොස් ඇරලවා
ආපසු එමින් ගමනේදී ඇම්බියුලන්ස් රථය ඉදිරියේ ආ ට‍්‍රක් රථයක මුහුණට මුහුණලා ගැටීමෙන් මේ අනතුර
සිදුවුණා. මෙම අනතුරින් ඇම්බියුලන්ස් රථයේ සිටි වෛද්‍ය ඉෂානි ජයවර්ධන(26* හා සුළු සේවක ඉර්ෂාඞ් මියගිය අතර ට‍්‍රක් රථයේ පුද්ගලයෙකුද මරණයට පත්වුණා.
හෙදියක ඇම්බියුලන්ස් රියදුරා ඇතුළු තිදෙනෙකු තුවාල ලැබුවා. මෙම අනතුර සිදුව ඇත්තේ ඇම්බියුලන්ස් රථය පැදවූ රියදුරුට නින්දයාම නිසා බව මූලික පරීක්ෂණවලදී පොලිසියට තහවුරුවී තිබෙනවා.
කිලිනොච්චිය ප‍්‍රදේශයේ සිට රැස්වීම් වේදිකාවක් පටවාගෙන කොළඹ බලා එමින් තිබූ ලොරි රථයක ගිලන් රිය මුහුණට මුහුණලා ගැටීමෙන් මෙම අනතුර වී ඇත.
මියගිය වෛද්‍ය ඉෂානි එරංගිකා ජයවර්ධන (26* මෙනවිය පුත්තලම මූලික රෝහලේ ළමා වාට්ටුවේ ඕනෑම රාජකාරියක් අවංකවම කැපවීමෙන් ඉටුකළ බව රෝහලේ වෛද්‍යවරුන් පවසනවා. ඇය ළමා රෝහලට ගොස් රෝගී දරුවා ඇරලවා එන්නටද නොපැකිළව සහභාගීවී ඇත.
නොබෝ කලකින් තම සීමාවාසික පුහුණුව අවසන් කිරීමට ඇයට නියමිතව තිබුණි.
රාගම තේවත්ත පාර අංක 772 නිවසේ සිය මව වන අනෝමා මදුරප්පෙරුම මහත්මිය සමග ඇය දිවි ගෙව්වාය. කුඩා වියේදීම සිදුවූ පියාගේ අභාවයෙන් පසුව සිය ජීවිතය ජයගන්නට මහත් වෙහෙසක් ගත් වෛද්‍ය ඉෂානි මෙනවිය තම මව සමග හොඳ ජීවිතයක් ගත කරන්නට දහසක් බලාපොරොත්තු තබා සිටියාය.
කොළඹ මියුසියස් බාලිකා විදුහලෙන් උසස් පෙළ හදරා චීනයේ කියෑංජින් වෛද්‍ය විශ්වවිද්‍යාලයෙන් වෛද්‍ය විද්‍යාව පිළිබඳ උපාධිය හැදැරූ ඇය සීමාවාසික පුහුණුව අතරතුර මෙම අනතුරට මූණදී මෙලොවින් සමුගත්තාය.
මේ සම්බන්ධ වැඩිදුර පරීක්ෂණ සිදුවෙනවා.