පෙම්වතිය වැරදීමකින් මැරූ පැරාලිම්පික් ශූරයා සිරගෙට

පසුගිය කාලයේ ලෝකය තුළ මහත් ආන්දෝලනයක් ඇති කරමින් සිය පෙම්වතිය වැරදීමකින් මැරූ බව කියූ ආබාධිත ඔලිම්පික් ශූර ඔස්කා පිස්ටෝරියස් ඒ සම්බන්ධ නඩු විභාගයේදී නොසැලකිලිමත් අවිභාවිතය සම්බන්ධ වරදකරුවකු වූ අතර අද පස් අවුරුදු සිර දඬුවමක් ඔහුට නියම කළා.

පැරාලිම්පික් රන් පදක්කම්ලාභී දකුණු අප‍්‍රිකානු මලල ක‍්‍රීඩක ඔස්කා පිස්ටෝරියස්
අවි ආයුධ වැරදි ලෙස භාවිත කර  අත්වැරදීමකින් මනුෂ්‍ය ඝාතනයක් කළ බව අධිකරණයේ ඉදිරිපත්වූ සාක්ෂි අනුව තහවුරු කර තිබේ.
ප‍්‍රිටෝරියා අධිකරණයේදී මෙම නඩුව විභාගයට ගැනුණා.

සාක්ෂි අනුව ඔස්කා පිස්ටෝරියස් සිය පෙම්වතිය වූ රීවා ස්ටීන්කෑම්ප් හිතාමතා වෙඩිතබා ඝාතනය කළ බව ඔප්පු නොවූ බව ද එහිදී ප‍්‍රකාශයට පත් විය.
කෙසේ වෙතත්, අවි ආයුධ භාවිතයේදී නොසැලකිලිමත් ලෙස ක‍්‍රියා කර ඇති නිසා ඔහුව පස් අවුරුදු සිරදඬුවමකට යටත් වුණා.

1986 උපන් ඔස්කා පිස්ටෝරියස් දකුණු අප‍්‍රිකානු කෙටි දුර ධාවකයෙකි. ඔහු මාස 11 වන විට, ඔහුගේ පාද දෙකම, දණහිසෙන් පහළ අංගෙඡ්දනය කර ඇති බව කියැවුණා.

ඔහුගේ දක්ෂතාවන් මත පැරාඔලිම්පියානු ශූරයෙක් වූ අතර ඔහුගේ කෘත‍්‍රිම ගාත‍්‍ර විසින් අයුතු වාසියක් ලබා ගෙන ඇතැයි කලක් විවේචනද තිබුණා.
2011 ලෝක මලල ක‍්‍රීඩා ශූරතාවලියේදී, ලෝක ජවන පදක්කමක් දිනාගත් පළමු අංගෙඡ්දිතයා වීමට පිස්ටෝරියස් සමත් වූයේය.

ඔස්කා පිස්ටෝරියස් ඔහුගේ පෙම්වතිය සමග අවියක් අතැතිව කථාබහක නිරතව සිටියදී එම අවිය පත්තුවීමෙන් අවාසනාවන්ත ලෙස පෙම්වතිය මරු වැළඳගත්තාය.
මනුෂ්‍ය ඝාතනයක් කළ බවට අධිකරණයේදී ඔප්පු නොවූ නමුත් ඔස්කාගේ ජීවිතය වෙනස් කළ මෙම සිද්ධිය මහත් කම්පනයක් ඇති කරවූවකි.



Popular posts from this blog

ලොව දක්ෂතම ඉංග‍්‍රීසි කථිකයාට සම්මාන දිනූ ලාංකිකයා කතාකරන හැටි (වීඩියෝ)

චන්ද්‍රිකා පහුවෙලා වැඩ කරනවා බලන් ඉන්න බැරිම තැන එයාගේ අත් ඔරලෝසුවේ කටුව මිනිත්තු 10ක් ආපස්සට කැරකුවා ඉස්සර මං නදීකාටත් ට‍්‍රයි කළා - සනත් ගුණතිලක

මිලියන 400 කට මන්දිරය වික්ක බවට සැකයක්