ගූගල් ලොක්කා පැරචුටයෙන් පැන ලෝක වාර්තාවක් තියලා


ගූගල් විධායක නිලධාරියෙක් ලෝක වාර්තාවක් බිඳ හෙළා තිබෙනවා.
ගුවන් කරණම් කේෂ්ත‍්‍රයේ වැඩි ම උසක සිට පැරෂූටයකින් බිමට පැණීමේ ලෝක වාර්තාව බිඳ හෙළීමට ගූගල් සමාගමේ ජ්‍යෙෂ්ඨ උප සභාපතිවරයෙකු වන ඇලන් යූස්ටස් සමත් විය.

ඔහු පෘථීවියේ සිට කිලෝ මිටර් 40ක් පමණ ඉහළ අහසට රැගෙන යනු ලැබුවේ, අමෙරිකාවේ නිව් මෙක්සිකෝ ප‍්‍රාන්තයේ සිට ගුවනට යවන ලද හීලියම් බැලූනයක ආධාරයෙනි.

විශේෂයෙන් නිර්මාණය කරන ලද අභ්‍යාවකාශ ඇඳුමකින් සැරසී සිටි 57 හැවිරි ඇලන් යුස්ටස් බැළුණයෙන් පිටතට පැනීමේදී ළඟා වූ වේගය පැයට කිලෝ මීටර් 1300කට අධික වේ.

මීට පෙර ගුවන් කරණම් කේෂ්ත‍්‍රයේ තබන ලද වාර්තා තුනක් බිඳ හෙලූ ඔහු ශබ්දයේ වේගය ද අභිබවමින් පහළට පැමිණී බව බීබීසී ලෝක සේවය සඳහන් කළේය.
මීට වසර දෙකකට පමණ පෙර අඩි 128,000 ක් තරම් උඩුගුවනේ සිට පැරිෂූටයකින් පැනීමෙන් මෙම වාර්තාවට හිමිකම් කීවේ ඔස්ට‍්‍රියානු ජාතික ෆීලික්ස් බොම්ගාට්නර් ය.
ඇලන් යූස්ටස් මෙම වාර්තාව බිඳ හෙලූවේ අඩි එක්ලක්ෂ තිස් පන්දහස් අටසිය අනූවක් ඉහළ අහසේ සිට පැරෂූටයකින් පැනීමෙනි.
පැරිෂුටය ක‍්‍රියාත්මක කිරීමට පෙර ඔහු නිදහසේ පහළ පැමිණි දුර ප‍්‍රමාණය අඩි එක් ලක්ෂ විසි තුන්දහස් හාරසිය දහ හතරකි.
ඒ සඳහා ගතව ඇති කාලය මිනිත්තු 04කුත් තප්පර 27කි.

Popular posts from this blog

ලොව දක්ෂතම ඉංග‍්‍රීසි කථිකයාට සම්මාන දිනූ ලාංකිකයා කතාකරන හැටි (වීඩියෝ)

චන්ද්‍රිකා පහුවෙලා වැඩ කරනවා බලන් ඉන්න බැරිම තැන එයාගේ අත් ඔරලෝසුවේ කටුව මිනිත්තු 10ක් ආපස්සට කැරකුවා ඉස්සර මං නදීකාටත් ට‍්‍රයි කළා - සනත් ගුණතිලක

මිලියන 400 කට මන්දිරය වික්ක බවට සැකයක්