බස්නාහිර පලාත් සභාව නොසන්සුන්

බස්නාහිර පළාත් සභා රැස්වීමේ ඇතිවූ උණුසුම් තත්ත්වයක් හේතුවෙන් සභාව කල් තැබීමට සිදුව තිබේ.

විදේශ සේවය සම්බන්ධයෙන් විපක්ෂය අද කළ යෝජනාවක් අනුව විවාදයක් ආරම්භ විය.


එහිදී පළාත් අමාත්‍ය උපාලි කොඩිකාර මහතා අදහස් දක්වමින් සිටියදී ආණ්ඩු පක්ෂ මන්ත‍්‍රීවරුන් සභාවෙන් පිටව ගොස් තිබිණි.

එහිදී ඝණ පූර්ණය නොමැති වීමෙන් මූලාසනය සභාව කල්තැබීමට උත්සහ කළ අතර
ඊට විරෝධය දැක්වූ විපක්ෂ මන්ත‍්‍රීවරු මූලාසනයට සභාවෙන් පිටවීමට නොදී සෙංකෝලය ද රැගෙන යාමට උත්සහ කර තිබුණා.
කෙසේ වෙතත්, මූලාසනය සභාව කල් තබා සෙංකෝලය ද රැගෙන ඉවතට ගිය නිසා සභාව විසිරුණා.

Popular posts from this blog

ශ‍්‍රී ලංකන් ගමන් මළු බර කිලෝග‍්‍රෑම් 15 කින් වැඩි කරයි

බදුල්ලේ නායයාම්වලින් 7 දෙනෙක් මරුට