මම රජයෙන් ගහපු සල්ලියක් නෑ යංතං දුප්පත්කම වහගන්නෙ මගේ දරුවො යන්නෙ පාරෙ බස්වල.... - ජැක්සන් ඇන්තනී
කලා ශිල්පී ජැක්සන් ඇන්තනි පසුගිය සති අන්තයේ පුවත්පත් සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ඔහුට එරෙහිව මේ දිනවල පැතිර යන ප‍්‍රචාරයන් සම්බන්ධව අදහස් දැක්වූවා.
ඔහු කියා සිටියේ ඔහු රජයේ ප‍්‍රචාරය සඳහා මඩ චිත‍්‍රපටයක් කරන්න යන කතාව බොරු බවත් ඔහු මේ තාක් රජයෙන් මුදල් ගැසුවා යයි කියන කතාද බොරු බවත්ය.
තම දරුවන් තවමත් බස්වල ගමන් කරන සාමාන්‍ය අය බවත් තමා බොහොම අමාරුවෙන් පවුල රකිමින් දරිද්‍රතාව වහගෙන
ඉන්න මිනිහෙක් බවත් ඔහු කියා සිටියා.
ඔහු එම අදහස් දක්වා තිබුනේ පහත පරිදිය.
පසුගිය දිනවල එක්තරා ජාතික පුවත්පතකින් ප‍්‍රකාශයට පත්වුණ තොරතුරකට පදනම් වුන මගේ අලූත් චිත‍්‍රපටය තමා ‘හතරවැනි සිල්පදය බිඳ ගැනීම’ පසුගිය කාලේ මම කොළඹ නැති අල්ල පනල්ලේ ලොකු කටකතාවක් ගිහින් තිබෙනවා. ඒ කටකතාව අමූලික බොරුවක්. පට්ට කෙබරයක්. කිසිම සාධකයක්, සාක්ෂියක්, මූලාශ‍්‍රයක් නෑ. මේක ගින්නක් නැතුව
නැගිච්ච දුමක්. දුමක් තියනවා. හැබැයි ගින්නක් නෑ.
මැතිවරණය කේන්ද්‍රකොට ගත්තු විරුද්ධ පක්ෂවලට මඩ ගහන චිත‍්‍රපටයක් හදන්න යැයි මට ආණ්ඩුවෙන් කොන්ත‍්‍රාත් එකක් බාරදීලා තිබෙනවායි ඒ සඳහා කෝටි 2 1/2 ක මුදලක් මට දීලා තිබෙනවායි කියන එක තමයි මේ අමූලික බොරුව. මීට පෙරත් හරියට මට ආණ්ඩුවෙන් සල්ලි දුන්න කතා තිබෙනවා. එහෙම නම් මෙලහකට මම කෝටිපතියෙක් වෙලා ඉන්න ඕන.
අනේ මට චිත‍්‍රපටයක් හදන්න සල්ලි නැතුව මම ඉන්නේ. මම චිත‍්‍රපට 5 ක් විතර ලියාගෙන ඉන්නවා ඒව ටික හදන්න මට සල්ලි නෑ. මම බොහොම අමාරුවෙන් මගේ ශක්ති ප‍්‍රමාණයෙන් පෝසත් වුණ මිනිහෙක්. මගේ ශක්ති ප‍්‍රමාණයෙන්, මගේ අධ්‍යාපනයෙන්, මගේ හැකියාවෙන්. මම මගේ පවුල රකිමින් මගේ දරිද්‍රතාව වහගෙන ඉන්න මිනිහෙක්.
පසුගිය කාලය පුරාම මට කිව්වා අතනින් මෙච්චර ගැහුවා, මෙතනින් මෙච්චර ගැහුවා කියලා. එහෙම නම් මේ වෙනකොට ඒ ගහපුවා එළියට ඇවිල්ලා තියෙන්න ඕන. එහෙනම් මගේ දරුවෝ මෙලහකට යාන වාහනවල එන්න යන්න ඕන. ඔවුන් තවමත් බස් එකේ කොළඹ යන එන කෙල්ලෝ කොල්ලෝ. ඊට පස්සේ මට කිව්වා ඔය දේශපාලනේ ගැන කතා කරන්නේ පාර්ලිමේන්තුවට රිංගන්න, එහෙම නැත්නම් රාජ්‍ය නිලතල දරන්න කියලා.
ඒවත්
දැරුවේ නෑ. එච්චර ඔප්පුවෙලා තියෙද්දිත් තාමත් මට මඩ ගහනවා.
මේ බොරුව නිශේධනය වන හේතු දෙකක් තිබෙනවා. එකක් තමයි මගේ පැවැත්ම. මගේ අතීතය මේ රටේ ඇස්පනාපිට ගොඩ නැගෙන මිනිසෙක් මම. මම කාගෙවත් කොන්ත‍්‍රාත්තු උඩ කලා නිර්මාණ කරන කෙනෙක් නොවෙයි.
රසවින්දනය හුදී ජන පහන් සංවේගය වැනි ජනතාවාදී සිතුවිලිත් එක්කයි මම ඉන්නේ. මම මගේ මාවත 1970 ගණන්වල ඉඳලම හිමින් හිමින් හදාගත්ත කෙනෙක්. මගේ දේශපාලනික පැහැදිලි කිරීම් පවා මගේ හැදෑරීම්වලට අදාළ සමාජ විද්‍යාත්මක දේවල් මිසක් මට මේ පක්ෂ දේශපාලනය, මඩ ප‍්‍රචාර, කඬේ යාම් මට අයිති නෑ.
මම කිසිදා පක්ෂයක සාමාජිකත්වයක් වත් දරලා නෑ. මට එහෙම පක්ෂයක් නෑ.
ජනමූල නායකත්වය ප‍්‍රමෝෂන් වලින් ගන්න බෑ. විශේෂයෙන් ජනමාධ්‍ය පවා මැතිවරණ කාලවලදි විවිධ විලම්භීත කියනවා. එහෙම කියපු එක විලම්භීතයක් තමයි මේ.
සටහන - හේමාලි විජේරත්න