17 හැවිරිදි පාසල් සිසුවා පෙරපාසල් ගුරුවරිය දූෂණය කොට මරලා

පේරාදෙණිය පොලිස් වසමේ කිරිබත්කුඹුර පිලපිටියේ පදිංචිව සිටි 74 හැවිරිදි පෙර පාසල් ගුරුවරියක් සාහසික අයුරින් දූෂණය කොට මරාදමා ඇති අතර එම ඝාතනය සම්බන්ධයෙන් සැකපිට එම ප‍්‍රදේශයේ පදිංචි 17

හැවිරිදි පාසල් ශිෂ්‍යයකු පේරාදෙණිය පොලිසිය මගින් පෙරේදා (28* අත්අඩංගුවට ගෙන ඇත.

මෙසේ ඝාතනයට ලක්වී ඇත්තේ වලිසුන්දර මුදියන්සේලාගේ ලීලාවතී නමැති අවිවාහක කාන්තාවකි. ඇය සිය නිවසේ හුදෙකලාව ජීවත් වී ඇති කාන්තාවක් බව පොලිසිය සඳහන් කරයි. පසුගිය 27 වැනි දින රාත‍්‍රියේ මෙම කාන්තාව ඝාතනයට ලක්වී ඇති බව මූලික පරීක්ෂණවල දී හෙළිවී ඇත.

අදාළ කාන්තාව නිවසේ දක්නට නොමැති නිසා ඒ පිළිබඳ විපරම් කර ඇති අසල්වාසීන් නිවසට ඇතුළුවී සොයා බැල
ීමේ දී මළ සිරුර හමුවී ඇත. අනතුරුව මේ පිළිබඳ පේරාදෙණිය පොලිසියට දැනුම් දීමෙන් පසු පොලිසිය පොලිස් නිල සුනඛ අංශයේ ජැක් නමැති සුනඛයා  යොදාගනිමින් කළ සෝදිසියක දී සුනඛයා සැකකාර පාසල් සිසුවාගේ නිවසට ගොස් නතරවී ඇත.

අත්අඩංගුවට පත් පාසල් ශිෂ්‍යයා සාමාන්‍ය පෙළ විභාගයෙන් ගණිතය විෂය අසමත් නිසා පේරාදෙණිය ප‍්‍රදේශයේ පිරිවෙනක ඉගෙනුම ලබන අයකු වන අතර මෙම ඝාතනය සම්බන්ධයෙන් පොලිසිය ප‍්‍රශ්න කර තොරතුරු රැසක් අනාවරණය කරගෙන ඇතැයි පරීක්ෂණ කටයුතු භාර උසස් නිලධාරියකු පැවසීය.

ඝාතනයට ලක්වූ කාන්තාවගේ සිරුර පශ්චාත් මරණ පරීක්ෂණයකට යොමු කර ඇති අතර එහි දී හෙළිවී ඇත්තේ මෙම කාන්තාව දූෂණයට ලක්වී ඇති බවයි. මෙම කාන්තාව දූෂණය කිරීමෙන් අනතුරුව මරාදමන්නට ඇති බව දැනට කෙරී ඇති පරීක්ෂණ මගින් තහවුරු වී ඇත.

සැකකාර ශිෂ්‍යයාගෙන් පොලිසිය තවදුරටත් ප‍්‍රශ්න කරගෙන යන අතර පේරාදෙණිය පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක කමල් ආරියවංශ මහතාගේ උපදෙස් මත වැඩිදුර පරීක්ෂණ සිදු කෙරේ.
සරත් සමරනායක

Popular posts from this blog

ලොව දක්ෂතම ඉංග‍්‍රීසි කථිකයාට සම්මාන දිනූ ලාංකිකයා කතාකරන හැටි (වීඩියෝ)

චන්ද්‍රිකා පහුවෙලා වැඩ කරනවා බලන් ඉන්න බැරිම තැන එයාගේ අත් ඔරලෝසුවේ කටුව මිනිත්තු 10ක් ආපස්සට කැරකුවා ඉස්සර මං නදීකාටත් ට‍්‍රයි කළා - සනත් ගුණතිලක

මිලියන 400 කට මන්දිරය වික්ක බවට සැකයක්