සෝභිත හිමියෝ පොදු අපේක්ෂක වීමට එජාප සහයෝගය ඉල්ලන්න යති

තමන් වහන්සේට ඉදිරි ජනාධිපතිවරණයේදී පොදු අපේක්ෂක වශයෙන් ඉදිරිපත් වීමට එක්සත් ජාතික පක්ෂයේ සහයෝගය ලබාදෙන ලෙස ප‍්‍රසිද්ධියේ ඉල්ලා සිටීමට මාදුළුවාවේ සෝභිත හිමි තීරණය කර ඇත.

ඉදිරි දිනවලදී සෝභිත හිමියන් විසින්
ප‍්‍රදේශ රැසකදී පැවැත්වීමට සූදානම් කර ඇති ජනාධිපතිවරණය සම්බන්ධ සම්මන්ත‍්‍රණවලදී උන්වහන්සේ මෙම ඉල්ලීම කරනු ඇතැයි විපක්ෂයේ දේශපාලන පක්ෂ නායකයෙක් පැවැසීය.

යම් හෙයකින් එජාප සහාය උන්වහන්සේට හිමි නොවන්නේ නම් උන්වහන්සේ ඉදිරි ජනාධිපතිවරණයට තරග නොකරනු ඇතැයි ද හෙතෙම සඳහන් කළේය.

ඉදිරි ජනාධිපතිවරණයට එජාපයේ අපේක්ෂකයකු ඉදිරිපත් කළහොත් සෝභිත හිමි සමග සිටින විපක්ෂ දේශපාලන පක්ෂ කිහිපයක සහ සංවිධානවල සහාය ඔහුට නොලැබෙන බවද හෙතෙම කීය.

ඊට ප‍්‍රධාන වශයෙන්ම හේතුව ලෙස එම පක්ෂය දක්වා ඇත්තේ එජාප නායකයකු විධායක ජනාධිපති ධුරය අහෝසි නොකරනු ඇතැයි පවතින විශ්වාසය මත බවද එම නායකයා වැඩිදුරටත් පැවැසීය.
අකිත පෙරේරා

Popular posts from this blog

ගෝඨාගෙ උද්ඝෝෂණයට බන්දුල පද්මකුමාරත් ඇවිත්

විදුලි උපකරණ රෙපයාර් කර අලූත් ඒවා ලෙස විකුණන ජාවාරමක්

පාප් වහන්සේගේ ලංකාවේ සංචාරය ජනවාරි 12-15 ස්ථිරයි