සීසීටීවී එකට මාට්ටුවූ හොරා අල්ලන්නට පොලිසිය දියත් කළ මාවනැල්ලේ කුණු කානු මෙහෙයුම (video)
මාවනැල්ල නගරයේ වෙළෙඳසලක් කොල්ලකමින් සිටියදී කාණුවකට පැන සැගවුණ සැකකරුවෙකු පැය හයක පමණ මෙහෙයුමකින් පසු අල්ලාගන්නට පොලිස් නිලධාරීන් සමත්ව තිබෙනවා.
සීසීටීවී කැමරා සවිකළ මාවනැල්ලේ පිහිටි වෙළෙඳසලක් තුළ රෙදි කඩකින් ඇස් බැඳගත් සොරෙකු සිටින බව වෙළෙඳ සැල් හිමියා දැක ඇත්තේ එදින රාත්රී 12ට පමණ සිය නිවසේ සිටියදී ජංගම දුරකථන තිරයේ සීසීටීවී දර්ශන තලය ඔස්සේය.
ඒ අනුව සිද්ධිය ගැන ඔහු වහාම පොලිසිය දැනුවත් කර ඇති අතර පොලිස් නිලධාරීන් පිරිසක් පැමිණ ඒ වෙලාවේ වෙළෙඳ සැල වටකර තිබුණා.
පොලිසිය තමාගේ හොර අල්ලන්ට වෙළෙඳසැල වටකර ඇති බව හොරා දැනගෙන වෙළෙඳ සැලේ තිබුණ කුඩා හිදැසක් ප්රයෝජනයට ගනිමින් එයින් එලියට පැනගෙන තිබුණ අතර ඒ අවස්ථාවේ පොලිස්
නිලධාරියෙකු බලා සිටියදීම ඔහු මගහැර පැනගිය හොරා අසළ තිබුණ කුණු කාණුවකට බැසගෙන තිබුණා.
මිනිසෙකුට ඇවිදින්නට හැකි පමණ විශාල ලෙස තිබෙන මෙම කාණුව තුළට හොරා කිමිදී පළා ගිය අවස්ථාවේ ‘හොරා මෙන්න මෙතැන’ යයි පොලිස් නිලධාරියා කෑගසා හොරා අල්ලන්නට අන් අය කැඳවා තිබුණා. මෙම අවස්ථාවේ පැමිණි පොලිස් නිලධාරීන් පිරිස එම කාණුව නිරීක්ෂණය කරද්දී එය ස්ථාන කිහිපයකින් පමණක් විවරවී තිබෙන දීර්ඝ පෙදෙසක් ආවරණය කර ඇති උමගක් වැනි කාණුවක් බව හඳුනාගත්තා. එහි කිමිදී ගොස් විවෘතව ඇති තැනකින් හොරාට නිදහස් විය හැකි බවද ඔවුන් අවබෝධ කර ගත්තා.
එවැනි ස්ථාන 3 ක් අවට ඇති බවද පොලිසිය සොයාගත් අතර අවසානයේ තීරණය වූයේ උදෑසන වනතුරු හොරා එළියට එනතුරු අදාළ ස්ථාන රැුකගෙන සිටීමටය. පොලිස් නිලධාරීන් කිමිපදෙනෙකුම එම ස්ථාන මුර කරන්නට යොදා තිබුණ අතර පාන්දර එළිය වැටෙන අවස්ථාව වනතුරුත් හොරා දිගටම කුණු වතුරේ ගිලී කිසියම් ස්ථානයක සැ`ගවී සිට ඇත්තේ පොලිසිය යනතුරුය.
පාන්දර 6.30 ට පමණ පොලිස් නිල සුනඛයින් කැඳවා හොරා සිටින ස්ථානය ඉව ඔස්සේ සොයන්නට උත්සාහ කළත් සොරා කුණු කාණුවට පැන්න තැනින් පමණක් සුනඛයා නතරවූ නිසා එම උත්සාහය සාර්ථකවූයේ නැත.
අනතුරුව පොලිසිය නගරසභාවේ කාණු සුද්දකරන පුද්ගලයින් දෙදෙනෙකු හා පොලිස් නිලධාරියෙකුගේ සාහාය ලබාගෙන හොරා අල්ලන්නට කාණුව ඇතුළට යාමේ මෙහෙයුමක් දියත් කළ අතර ටික වේලාවකට පසු සිරුර කුණු වතුරේ ඔබාගෙන පැය ගාණක් සැ`ගවී සිටි හොරා එළියට ඇදගෙන ඒමට ඔවුන් තිදෙනා සමත් වුණා.
මේ ආකාරයට සොරකමේ ගොස් සැගව සිට ඇත්තේ 19 හැවිරිදි වියේ තරුණයෙකු බවත් ඔහු රත්නපුර ප්රදේශයේ පදිංචි අයෙකු බවත් වාර්තා වුණා.
තමා මහනුවරට ගොස් නැවත රත්නපුරයට යමින් සිටි බවත් බස් එකේ යන්නට මුදල් නොමැතිවීම නිසා වෙළෙඳසැල කොල්ලකන්නට තීරණය කළ බවත් පසුව ඔහු පාපොච්චාරණය කර තිබුණා.
කෙසේ වෙතත් මෙතරම් මෙහෙයුමක් දියත් කර අල්ලාගත් සැකකරුගේ අතේ අල්ලාගන්නා අවස්ථාවේ තිබී ඇත්තේ සොරකම් කර ලබාගත් රුපියල් 2500 ක් පමණි.
මෙම සිදුවීමේ වීඩියෝව පහතින්