බොදු බල සේනාවෙන් මං ඉවත්වෙන් නෑ -කිරම විමලජෝති හිමි

බොදුබල සේනා සංවිධානය විසින් සිදු කරන සියලූම ක‍්‍රියාවන් අනුමත නොකළත් තමන් එම සංවිධානයෙන් ඉවත්වීමට කිසිදු තීරණයක් ගෙන නොමැති බව එහි ප‍්‍රධානී කිරම විමලජෝති හිමියෝ පැවසූහ.

තමන්වහන්සේගේ පෞද්ගලික වැඩකටයුතු රාශියක් තිබුණු බැවින් පසුගිය මාස කිහිපය තුළ බොදුබල සේනා සංවිධානයේ වැඩකටයුතු සඳහා සහභාගි වීමට නොහැකි වූ බව ද උන්වහන්සේ පැවසූහ.

අලූත්ගම හා බේරුවල ගැටුමක් පවතින අවස්ථාවේ එහි රැුලියක් පැවැත්වීම අනුමත නොකළත් බොදුබල සේනා සංවිධානයේ ඉදිරි වැඩකටයුතුවලින් ඉවත්වීමට තමන් තීරණය කොට නැතිබව උන්වහන්සේ අවධාරණය කළහ.

ඇතැම් මාධ්‍ය හරහා තමන් වහන්සේ සඳහන් නොකළ කරුණු ඉදිරිපත් කොට අනවශ්‍ය ගැටුමක් නිර්මාණය කරන්නට උත්සාහ දරන බව ද විමලජෝති හිමියෝ පැවසූහ.

ශකිලා රාජපක්ෂ

Popular posts from this blog

ලොව දක්ෂතම ඉංග‍්‍රීසි කථිකයාට සම්මාන දිනූ ලාංකිකයා කතාකරන හැටි (වීඩියෝ)

චන්ද්‍රිකා පහුවෙලා වැඩ කරනවා බලන් ඉන්න බැරිම තැන එයාගේ අත් ඔරලෝසුවේ කටුව මිනිත්තු 10ක් ආපස්සට කැරකුවා ඉස්සර මං නදීකාටත් ට‍්‍රයි කළා - සනත් ගුණතිලක

මිලියන 400 කට මන්දිරය වික්ක බවට සැකයක්