අල්ලපුගෙදර ඇන්ටී දුන් බිස්කට් කා තුන් හැවිරිදි පුතා මරුට දියණියට අසාධ්‍යයි
කුඩා දරුවන්ට පිටතින් ආහාර වර්ග ලබාදීමේදී ඒවායේ සෞඛ්‍ය සම්පන්න බව ගැන තැබිය හැකි විශ්වාසය කුමක්ද?
අල්ලපු ගෙදර සිටින ඇන්ටී ලබාදුන් බිස්කට් කෑම නිසා අනපේක්ෂිත ලෙස 3 හැවිරිදි දරුවෙකු මියයාමේ සිද්ධියක් පසුගියදා මහනුවරින් වාර්තා වුණා.
මහනුවර, පන්විල, ගෝමරේ ප‍්‍රදේශයේ යාබද නිවසක සිටින 37 හැවිරිදි කාන්තාවක ලබාදුන් බිස්කට් කෑම නිසා වස ශරීර ගතවීමෙන් මියගොස් ඇත්තේ ඊට නුදුරින් පිහිටි නිවසේ 3 හැවිරිදි පිරිමි දරුවෙකි.
සිද්ධියෙන් පසු අසාධ්‍යවූ මියගිය දරුවාගේ වැඩිමල් සොයුරියද තවම රෝහල් ගතවී ප‍්‍රතිකාර ලබනවා.
මියගිය දරුවාගේ මව අදහස් දක්වමින් පැවසුවේ සිය පිරිමි දරුවාට සහ ගැහැණු දරුවාට අල්ලපු ගෙදර නිවසේ දරුවන්ගේ මව විසින් ලබා දුන් බිස්කට් වර්ගයක් ආහාරයට ගෙන වතුර වීදුරුවක් පානය කිරීමෙන් පසු දරු දෙදෙනා රෝගාතුර වූ බවය.
වතුර පානය කර මිනිත්තු තුනක් හතරක් යනවිටම තුන් හැවිරිදි දරුවාගේ සිරුර කඩා වැටී ඇද වැටුණ බවත් පසුව රෝහල් ගත කළ පසු වෛද්‍යවරු සියලූ උවටැන් කර ජීවිතය බේරාගන්නට උත්සාහ කළත් මරණය වළකා ගන්නට අපහුසුවූ බව ඇය පවසනවා.
වැඩිමල් ගැහැණු දරුවාද විස නිසා අසාධ්‍ය වූ බවත් පසුව ඇයවද රෝහල් ගත කර දැන් මහනුවර රෝහලට මාරුකර යවා ඇති බවත් ඇය පැවසුවා.
සිද්ධිය සම්බන්ධයෙන් පොලීසිය පුළුල් පරීක්ෂණ ආරම්භ කර තිබේ.
අල්ලපු ගෙදර හිමිකාරියගේ දරුවන්ද මෙම දරුවන් සමග එම අවස්ථාවේ නිවසේ සෙල්ලම් කරමින් සිටි බව වාර්තාවන අතර එම බිස්කට් එම දරුවන්ට ලබාදුන් බව කියැවුණත් කිසිදු රෝග තත්වයක් පෙන්නුම් කළ බවට වාර්තාවන්නේ නැත. මෙම දරුවන්ට ලබාදුන් බිස්කට් වලට විසක් එක්කර ඇතිදැයි දැන් සැකයක් මතුවී ඇත.
සිද්ධියට අදාල සැකකාර කාන්තාව මෙම බිස්කට් හිතාමතාම අසල්වැසි දරුවන්ට ලබාදුන්නේද යන්න ගැන පොලිසිය සොයා බලන අතර ඇයව
අත්අඩංගුවට ගැනිමට පරීක්ෂණ ක‍්‍රියාත්මක කර ඇතැයිද පොලිසිය පවසනවා.