ඩෙංගු පරීක්ෂාවට ගිය පීඑච්අයිට තර්ජනය කල මන්ත‍්‍රී රිමාන්ඞ්
ඔයා අපේ ගෙදර ගිහින් මදුරු කීටයන් අරගෙන ඇවිත් තියෙනවා. ඔයා මගේ බිරියට තමයි නඩු දාන්න හදන්නේ. පුළුවන් දෙයක් කරන්න මමත් පුළුවන් දේ කරනවා යනුවෙන් බැනවැදී ගංගොඩවිල මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයකුට තර්ජනය කළ බව කියන මහරගම එ.ජා.ප. නාගරික මන්ත‍්‍රිවරයා රුපියල් ලක්ෂයක් වටිනා ශරීර ඇපමත මුදාහරින ලෙස නුගේගොඩ ප‍්‍රධාන මහෙස්ත‍්‍රාත් අරුණ අලූත්ගේ මහතා
නියෝග කළේය. එසේ ඇපමත මුදාහැරුණේ මහරගම නගර සභාවේ එ.ජා.ප. මන්ත‍්‍රිවරයකු වන මිරිහාන ජොස්සල් ප‍්‍රදේශයේ පදිංචි ඩබ්.ආර්. මාසකෝරාල නමැති අයෙකි.
ගංගොඩවිල මහජන සෞඛ්‍ය පරීක්ෂක රසික චාමර එදිරිසිංහ මහතා මිරිහාන පොලිසියට කරන ලද පැමිණිල්ලක් අනුව සැකකාර මන්ත‍්‍රිවරයා අධිකරණයට ඉදිරිපත් කර තිබිණි.
පැමිණිලිකාර එදිරිසිංහ මහතා පොලිසියට කළ පැමිණිල්ලෙ සඳහන් කර ඇත්තේ ඒ මහතා නුගේගොඩ වෛද්‍ය නිලධාරි කාර්යාලයේ නිලධාරීන්, යුද හමුදා නිලධාරීන් ඇතුළු පිරිසක් සමග ඉකුත් 18 දින ගංගොඩවිල ජොස්සල් ප‍්‍රදේශයේ ඩෙංගු මර්දන රාජකාරියේ යෙදුණ බවයි.
එසේ යන විට පියුමි ප‍්‍රියන්ති තන්තිරිවර්ධන නමැති කාන්තාවකගේ නිවෙසක් පරීක්ෂා කිරීමේදී ඩෙංගු මදුරුවන් බෝවන ස්ථානයක් සොයා ගත් බවද ඒ සඳහා නඩු දැමීමට ඇගෙන් අස්සන් ගත් බවද සැමියා මොකද කරන්නේ කියා ඇසූවිට සැමියා සමග කතා කිරීමට ඇය දුරකතනය සම්බන්ධකර දුන්නද තමන් ඔහු සමග කතා නොකළ බවද ඔහු කියා ඇත.
ඉන්පසු තමන් පසුගිය 19 දින නුගේගොඩ ඩෙංගු මර්දන වෛද්‍ය නිලධාරි කාර්යාලයේ සිටින විට කිසියම් පුද්ගලයකු පැමිණ ඔබ චාමරද කියා විමසූ විට තමන් ඔව් කී බවත් පසුව එම පුද්ගලයා තමන් මහරගම නාගරික මන්ත‍්‍රිවරයෙක් යැයි පවසමින් තමන්ට ඉහත සඳහන් ආකාරයට බැනවදිමින් තර්ජනය කළ බවත් පැමිණිල්ල මගින් වැඩිදුරටත් දන්වා තිබිණි.
කුමුදු උපුල් ශාන්ත