අද පල්ලි දවසේ කොලඹට විශේෂ ආරක්ෂාව

අද සිකුරාදා දහවල් කාලයේ මුස්ලිම් පල්ලිවල වතාවත් පැවැත්වෙන නිසා අලූත්ගම සිද්ධි මුල්කරගනිමින් කොළඹ හා අවට මුස්ලිම් ජනයා රැස්වී විරෝධතා මතුවිය හැකි බවට පොලිසියට තොරතුරු ලැබී ඇත.

කොළඹ නගරය පුරා අද 20 වැනිදා විශේෂ ආරක්ෂක වැඩ පිළිවෙළක් ක‍්‍රියාත්මක කරන බව
පොලිස්පති එන්. කේ. ඉලංගකෝන් මහතා පැවසීය.

මේ සඳහා අදාළ පොලිස් ස්ථාන මගින් ආරක්ෂක කටයුතු පුළුල් කිරීමට බලාපොරොත්තු වන බවද පොලිස්පතිවරයා කීය. ජාතීන් හා ආගමික අතර ගැටුම් ඇති කිරීම සඳහා විවිධ කටකතා පතුරුවන බවත් ඒවාට කිසිවිට නොරැුවටෙන ලෙසත් පොලිස්පතිවරයා ජනතාවගෙන් ඉල්ලා සිටියේය.

කිසිදු ගැටලූකාරී තත්ත්වයක් ඇති නොවන පරිදි කටයුතු මෙහෙයවීම බෞද්ධ මුස්ලිම් නායකයන් ක‍්‍රියාකළ යුතු යෑයිද රටේ සාමය ආරක්ෂා කිරීමට පොලිසිය දැඩිව කටයුතු කරන බවද හෙතෙම කියා සිටියේය.

Popular posts from this blog

මනමාල රන්බිර් මනමාලි කත‍්‍රිනාගේ මෑණියන් ලන්ඩනයේදී හමුවෙලා

උසස් පෙළ 1-2-3 දිනූවන්ගේ නාම ලේඛනය පිටවේ - සිසුන්ට වඩා සිසුවියන් ඉදිරියෙන්

ගෝඨාගෙ උද්ඝෝෂණයට බන්දුල පද්මකුමාරත් ඇවිත්