අද රෑ ඉඳන් දවස් 2 ක් කොලඹට වතුර නෑ

අද (20) රාත‍්‍රියේ සිට පැය 48 කාලයක් කොළඹ නගරයේ ප‍්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.

ඒ අනුව අද රාත‍්‍රි 10 සිට ලබන 22 වැනි ඉරිදා රාත‍්‍රි 10 දක්වා පැය 48ක කාලයක් ජල සැපයුම අත්හිටුවීමට නියමිතය.

දෙහිවලගල්කිස්ස මහ නගර සභා බල ප‍්‍රදේශය, සොයිසාපුර, කොටිකාවත්ත මුල්ලේරියාව ප‍්‍රාදේශිය සභාවට අයත් මුල්ලේරියාව උතුරු ප‍්‍රදේශය, බත්තරමුල්ල හා පැලවත්ත ජල සැපයුම අත්හිටුවන ප‍්‍රදේශ වේ.

මීට අමතරව කොළඹ 04 , කොළඹ 05 සහ කොළඹ 06 යන ප‍්‍රදේශ වලට ද ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසන්නේය.

කොළඹ 03 සහ කොළඹ 07 යන ප‍්‍රදේශ වලට එම කාලය තුළ අඩු පීඩන තත්ත්වයක් යටතේ ජලය සැපයෙනු ඇත.

අඹතලේ සිට දෙහිවල දක්වා ජලය රැගෙන යන නල මාර්ගයේ අලූත්වැඩියා කටයුත්තක් හේතුවෙන් මෙම තීරණය ගෙන තිබේ.

Popular posts from this blog

ගෝඨාගෙ උද්ඝෝෂණයට බන්දුල පද්මකුමාරත් ඇවිත්

මනමාල රන්බිර් මනමාලි කත‍්‍රිනාගේ මෑණියන් ලන්ඩනයේදී හමුවෙලා

බදුල්ලේ නායයාම්වලින් 7 දෙනෙක් මරුට