ලංකාවෙ රතු සහල් පරිභෝජනය අඩුවෙලා
රතු සහල් පරිභෝජනය පහළ ගොස් ඇති බව කෘෂිකර්ම අමාත්‍යංශය කළ සමීක්ෂණයකදී හෙළිවී ඇත.
සම්බා සහල් පරිභෝජනය ඉහළ ගොස් ඇති බව සමීක්ෂණයේදී හෙළිවූ බව කෘෂිකර්ම අමාත්‍යංශයේ අතිරේක ලේකම් ආචාර්ය ඞී.බී.ටී. විජේරත්න මහතා පැවැසීය.
මෙම සමීක්ෂණයේදී තැම්බූ සහල් අලෙවියෙන් වැඩිම
අලෙවිය සහ ඉල්ලූම සම්බා සහල්වලට පවතින බවද හඳුනාගෙන ඇත.
දේශීය වෙළෙඳපොළේ අලෙවි කරන කැකුළු සහල් නාඩු සහල් සහ සම්බා සහල් අතරින් වැඩිම අලෙවිය සම්බා සහල් බවද හඳුනාගෙන ඇත.
සම්බා සහල් අලෙවියට සමාජ තත්ත්වය සහ පිසූ විට බත් වැඩිවීම හේතුවී ඇති බව සමීක්ෂණයේදී හඳුනාගෙන ඇති බවද ආචාර්ය ඞී.බී.ටී. විජේරත්න මහතා පැවැසීය. තැම්බූ වී සහල් කිරීමේදී පෝෂණ ගුණය රැුකගැනීමට සහල් ශුද්ධ කිරීම (පොලිෂ් කිරීම* අඩුවෙන් කළයුතු බවත් තැම්බූ සහල්වල පෝෂණ ගුණයට කිසිදු හානියක් සිදු නොවන බවත් අප කළ විමසීමේදී අතිරේක ලේකම්වරයා අවධාරණය කෙළේය.
වී තැම්බීමේදී එහි පෝෂණ ගුණය සහල් ඇටයට එක්වන බවද කී අතිරේක ලේකම්වරයා මෙරට සමස්ත සහල් පරිභෝජනයෙන් වැඩිම ප‍්‍රමාණය තැම්බූ සහල් බවද පැවැසීය.
පල්ලේපොළ - නිමල් වල්පිට