ෆේස් බුක් නැවතූ මිනි.30 පාඩුව කෝටි හයහමාරයි

අද දහවල් කාලයේ ලෝකය පුරා අන්තර්ජාල පරිශීලකයින් නිරන්තරයෙන්ම සැරිසරන ෆේස් බුක් වෙබ් අඩවිය ක‍්‍රියාවිරහිතවීම දැන් පුවත්මවන සිද්ධියක් බවට පත්වලා. ඇතැම් මාධ්‍ය වාර්තා කරන්නේ ෆේස් බුක් නොමැතිවූ මිනිත්තු 30 තුළ ලෝකයේ වෙනස්කම අලූත් අත්දැකීමක් බවකි.
මින් පෙර ෆේස් බුක් වසර 4 කට පමණ පෙරත් මේ ආකාරයට ඇණ හිටි නමුත් මේ තරම් වෙලාවක් එය නතරවූ පළමු අවස්ථාව මෙය වන බවද
කියැවෙනවා.
2013 ඔක්තෝබරයේ නෙට්වර්ක් සැකැස්මක් සඳහා පැය 4 ක් ෆේස් බුක් නතර කර තැබූ නමුත් ඒ කල් ඇතිව දැන්වීමෙන් පසුය.
ෆේස් බුක් නොමැති වූ අවස්ථාවේ ට්විටර් ඇතුළු අනෙක් සමාජ ජාලත් ප‍්‍රවෘත්ති වෙබ් අඩවිත් වෙනදාට වැඩි පාඨක පිරිසකගෙන් පිරී ඉතිරී ගිය අතර මෙයට හේතුවූයේ ෆේස් බුක්ට මොකක් වූවාදැයි දැනගැනීමට පාඨකයින් තුළ ඇතිවූ සැකයයි.
මේ අතර ෆේස් බුක් ඉංජිනේරු කන්ඩායම අද සිද්ධවූ සිද්ධිය ඔවුනගේ කාර්මික දෝෂයක් සකසන්නට ගිය අවස්ථාවක සිදුවූ අතුරු ඵලයක් ලෙස වාර්තා කර තිබෙනවා.
මිනිත්තු තිහක කාලය තුළ ෆේස් බුක් නතරවීමෙන් එම ආයතනය ලබා ඇති පාඩුව ඩොලර් ලක්ෂ 5 ක් පමණ වන බව ගණන් බලා ඇති අතර එය රුපියල් කෝටි හයහමාරක පමණ මුදලකි.

Popular posts from this blog

ලොව දක්ෂතම ඉංග‍්‍රීසි කථිකයාට සම්මාන දිනූ ලාංකිකයා කතාකරන හැටි (වීඩියෝ)

චන්ද්‍රිකා පහුවෙලා වැඩ කරනවා බලන් ඉන්න බැරිම තැන එයාගේ අත් ඔරලෝසුවේ කටුව මිනිත්තු 10ක් ආපස්සට කැරකුවා ඉස්සර මං නදීකාටත් ට‍්‍රයි කළා - සනත් ගුණතිලක

මිලියන 400 කට මන්දිරය වික්ක බවට සැකයක්