හිමිවරු සිවුරු හැරියොත් සරසවියෙන් නෙරපනවා - එස් බී

ස්වාමින් වහන්සේ නමක් ලෙස විශ්ව විද්‍යාලයට ඇතුලත්වී අනතුරුව සිවුරු අත්හරින තත්වයට පත්වන බුද්ධශාවක භික්ෂු විශ්වවිද්‍යාලයට අයත් අයවලූන් විශ්ව විද්‍යාල යෙන් නෙරපන්නට කටයුතු කිරීමට සිදුවන බව උසස් අධ්‍යාපන අමාත්‍ය එස්, බී දිසානායක මහතා පවසයි.

බුද්ධශාවක භික්ෂු විශ්වවිද්‍යාලයෙන් බලාපොරොත්තු වන්නේ කටුක ගමනකින් පැමිණෙන භික්ෂුව උගත් බුද්ධිමත් ස්වාමින්වහන්සේ කෙනෙක් කරලා නැවත ගමේ පන්සලට, ප‍්‍රදේශයට වගේම රටට සේවය කරන්නට සුදුසු තත්වයට පත් කිරීම විශ්වවිද්‍යාලය සතු වගකීම බවත් නමුත් භිෂුන් වහන්සේලා විශ්ව විද්‍යාලයට පැමිණ සිව්රු හැරයාම මගින් එම අරමුණ ඉටු නොවන බවත් ඇමතිවරයා කියා සිටි.

හෝමාගම ශ‍්‍රී ලංකා පාලි හා බෞද්ධ විශ්වවිද්‍යාලයේ පැවති නවක ශිෂ්‍ය භික්ෂුන් වහන්සේලා ඇතුලත් ගැනීමේ උත්සවය අමතමින් ඇමතිවරයා මෙම ප‍්‍රකාශය සිදු කළේය.

කසුන් ගනේවත්ත

Popular posts from this blog

ලොව දක්ෂතම ඉංග‍්‍රීසි කථිකයාට සම්මාන දිනූ ලාංකිකයා කතාකරන හැටි (වීඩියෝ)

චන්ද්‍රිකා පහුවෙලා වැඩ කරනවා බලන් ඉන්න බැරිම තැන එයාගේ අත් ඔරලෝසුවේ කටුව මිනිත්තු 10ක් ආපස්සට කැරකුවා ඉස්සර මං නදීකාටත් ට‍්‍රයි කළා - සනත් ගුණතිලක

මිලියන 400 කට මන්දිරය වික්ක බවට සැකයක්