දෝනිගේ විෂ්ණු දෙවි නිරූපණයට නඩු
ඉන්දීය ක‍්‍රිකට් නායක මහේන්ද‍්‍ර සිං දෝනි අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට ආන්ද‍්‍රා ප‍්‍රදේශ්හි අධිකරණයක් නියෝග කර තිබේ.ඒ, හින්දු භක්තිකයින්ගේ ආගමික විශ්වාසයන්ට පීඩා කළ බවට වන චෝදනාවක් මත ය.
ඔහුට අදාළ නඩුව විභාගයට ගන්නා අවස්ථාවේ දෝනි අධිකරණයට වාර්තා නොකිරීම හේතුවෙන් මෙම නියෝගය පනවා ඇත්තේ, අනන්තපූර්හි ප‍්‍රාදේශීය අධිකරණයක් විසිනි.
ඒ අනුව, මහේන්ද‍්‍ර සිං දෝනි අත්අඩංගුවට ගෙන ජූලි 16 වන දා අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට නියෝග කෙරිණි.
ඔහු විෂ්ණු දෙවියන් ලෙස බිස්නස් ටුඬේ නමැති ස`ගරාවක පෙනීසිටිමට එරෙහිව මෙම නඩුව පවරා තිබේ.
