චන්දන වික‍්‍රමසිංහගේ නැටුම් ශිල්පිණියන් හදිසි අනතුරකින් රෝහලේ
ඊයේ පෙරවරුවේ කොළඹ මහනුවර ප‍්‍රධාන මාර්ගයේ මාවනැල්ල වලකඩයාව මංසන්ධියේදී බස් රථයක හැපුණු වෑන් රථයක සිටි තරුණියන් 5 දෙනෙකු හා එහි රියැදුරු තුවාල ලබා රෝහල් ගත කළා.වෑන් රථයෙහි ගමන් කර මෙලෙස තුවාල ලබා රෝහල් ගත කර ඇත්තේ ප‍්‍රකට නර්තන ශිල්පි චන්දන වික‍්‍රමසිංහ මහතාගේ නර්තන කණ්ඩායමට අයත් තරුණියන්
පස්දෙනෙකු සහ වෑන් රථයේ රියදුරාය.
තුවාල ලැබූ සියලූදෙනා මාවනැල්ල මූලික රෝහලට ඇතුළත් කර ඇති අතර, එයින් බරපතල තුවාල ලැබූ නර්තන ශිල්පිනියන් තිදෙනෙකු වැඩිදුර ප‍්‍රතිකාර සඳහා කෑගල්ල මහ රෝහලටත්, වෑන් රථයේ රියදුරා මහනුවර මහ රෝහලටත් මාරුකර යැවූ බව මාවනැල්ල පොලීසිය වාර්තා කළා.
මහනුවර ප‍්‍රදේශයේ සංදර්ශනයක් සඳහා යමින් සිටි මෙම නර්තන කණ්ඩායමේ වෑන් රථයේ රියදුරාට නින්ද යාම හේතුවෙන් මෙම අනතුර සිදු වී ඇති බව පැවසෙනවා.


