තමන්ටම තුවාල කරගෙන රටට අපකීර්තිය ගෙනා වටරැක විජිත හිමි

අද කාලයේ දේශපාලකයින් අවස්ථාව බලා බොරු කරන්නාක් මෙන් ගෞරවනීය තැනක සිටිය යුතු හිමිවරුන්ද ලොවම රවටමින් බොරු කරන ආකාරය ඛේදනීයය. ආගමික ගැටුමක් ලංකාවේ ඇතැයි ජාත්‍යන්තර මාධ්‍යවල පවා සිද්ධි වාර්තාවන කාලයක් බලා තමන්ට තමන් විසින්ම තුවාල කරගෙන මහමග වැටී සිටි වටරැුක විජිත හිමි ගැන ලංකාවේ මෙන්ම විදෙස් මාධ්‍ය ගණනාවක ඡුායාරූප පළකරමින් විස්තර කළ සිදුවීම බොරුවක් බව දැන් හෙළිවී හමාරය. එහිමියන් අපකීර්තියට පත් කර ඇත්තේ ලංකාවය.
ව්‍යාජ පැමිණිල්ලක් ඉදිරිපත් කර පොලීසිය නොමග යැවීම සම්බන්ධයෙන් විජිත හිමිට එරෙහිව නඩු පැවරීමට

පොලීසිය තීරණය කර ඇති බවද දැන් වාර්තා වෙයි.
උන්වහන්සේගේ පැමිණිල්ල ව්‍යාජ එකක් බවට මේ වන විට තහවුරු වී ඇති බව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයා ඊයේ කියා සිටියා.
පූජ්‍ය වටරැුක විජිත හිමි පානදුර හිරන ප‍්‍රදේශයේ මාර්ගයක් අසළ පහරකෑමට ලක්ව වැටී සිටියදී පසුගියදා රෝහල් ගත කර තිබුණ අතර ප‍්‍රශ්න කිරීම්වලදී ප‍්‍රකාශ කළේ කිසියම් පිරිසක් තමාට පහර දී අදාළ ස්ථානයේ දමා ගිය බවයි.
පොලිසිය විශාල
පරිශ‍්‍රමයක් දරමින් සිද්ධියවූ ස්ථානය හා අවට ජනතාවගෙන් ප‍්‍රශ්න කරමින් සිසීටීවී කැමරා සවිකර ඇති ස්ථානවලින් එම වීඩියෝ ලබාගනිමින් සිදු කළ විමර්ශන වලදී එි හිමියන්ව පිරිසක් පැහැරගෙන ගොස් දමා ගිය බවට සාක්ෂි සොයාගැනීම දුෂ්කරවී තිබුණා.
විජිත හිමිගේ සිරුරේ තිබු තුවාල උන්වහන්සේ විසින්ම සිදුකර ගන්නා ලද ඒවා බව වෛද්‍ය නිලධාරීවරයා තහවුරු කර ඇති බව දැන් වාර්තා වනවා.
තුවාල සිදුකර ගැනීමෙන් අනතුරුව විජිත හිමිගේ ඥාතියෙකු විසින් උන්වහන්සේ පානදුර හිරන ප‍්‍රදේශයේ දමාගොස් ඇති බවද පොලීසිය සිදුකළ විමර්ශනවලදී අනාවරණය වී තිබෙනවා.
මහියංගනය ප‍්‍රාදේශීය සභා මන්ත‍්‍රී වටරැුක විජිත හිමියන් තමන් විසින්ම යතුරකින් කැපුම් තුවාල කරගනිමින් මෙසේ මහමග වැටී සිටියේ මාධ්‍ය අවධානය තමන් වෙත හරවා ගන්නටය.
බොහෝ වේලාවක් යනතුරු විජිත හිමියන් රෝහලේ දී කථා නොකර ගොළුවී සිටිම ද එම සැකය තවත් වැඩිකර ඇති අතර කථා නොකර සිටීමට හෝ කථා කිරීම නතර විමට තරම් හේතුවක් උන්වහන්සේ රෝහල් ගතකරන අවස්ථාවේ තිබී නැත. ශරීරයේ දක්නට ලැබුණු කැපුම් තුවාල කිසිවක් බරපතල ඒවා නොවූ අතර එය තනිව වුවත් සිදුකර ගතහැකි බව වෛද්‍යවරු කියා සිටියා.
ඒ අතරම දැනට කිසිඳු අපහසු තත්ත්වයක් නොමැති උන්වහන්සේ රෝහලෙන් පිටව යාමට තරම් සුදුසු තත්ත්වයේ පසුවුණත් රෝහලෙන් පිටවීම දිගින් දිගටම ප‍්‍රතික්ෂේප කරන උන්වහන්සේ විවිධ
අපහසුතා සහ රෝගී තත්ත්වයන් ඇති බව පවසමින් සෞඛ්‍ය කාර්ය මණ්ඩල අපහසුතාවයට පත්කරවීමද මෙය හොර ලෙඩක් බව තහවුරු කර ඇත.
ව්‍යාජ පැමිණිල්ලක් ඉදිරිපත් කර පොලීසිය නොමග යැවීම සම්බන්ධයෙන් මහියංගනය ප‍්‍රාදේශීය සභා මන්ත‍්‍රී පූජ්‍ය වටරැුක විජිත හිමිට එරෙහිව නඩු පැවරීමට පොලීසිය කටයුතු කරනු ඇත.
ලංකාව ලෝකය ඉදිරියේ ආගමික ගැටුම් ඇති හිංසාකාරී ජනතාවක් වසන රාජ්‍යයක් යයි තහවුරු කරන ආකාරයට බොරු ර`ගපෑම් වල නිරතවන්නට තරම් ආගමික නියෝජිතයින් පටු අරමුණුවලින් යුතුවීම ඉමහත් අභාග්‍යයකි.

Popular posts from this blog

ලොව දක්ෂතම ඉංග‍්‍රීසි කථිකයාට සම්මාන දිනූ ලාංකිකයා කතාකරන හැටි (වීඩියෝ)

චන්ද්‍රිකා පහුවෙලා වැඩ කරනවා බලන් ඉන්න බැරිම තැන එයාගේ අත් ඔරලෝසුවේ කටුව මිනිත්තු 10ක් ආපස්සට කැරකුවා ඉස්සර මං නදීකාටත් ට‍්‍රයි කළා - සනත් ගුණතිලක

මිලියන 400 කට මන්දිරය වික්ක බවට සැකයක්