කෙල්ලො නිදහස් කරනවනම් මං රේප් වෙන්න ලෑස්තියි


ත‍්‍රස්තයින් පැහැරගෙන ගිය පාසල් සිසුවියන් නිදහස් කරන්නේ නම් තමා තම කන්‍යභාවය පූජා කරන්නට සූදානම් බව කියන නයිජීරියානු පොප් ගායිකාවක ගැන විදෙස් වාර්තා හෙළි කරනවා. 23 හැවිරිදි ඇඩොකියේ නමැති මෙම පොප් ගායිකාව කියා සිටින්නේ
‘මේ සියලූ තරුණියන් අවුරුදු 12-15 අය මං ඒ ගොල්ලන්ට වඩා වැඩිමල් සහ අත්දැකීම් තියනවා. කරුණාකරල ඒ අයට හිංසා කරන්න එපා. ඒ ගොල්ලන්ව නිදහස් කරන්න. ඒකෙ හිලව්වට මං එන්නම් ඔවුන් ගාවට.මං රේප් වෙන්න සූදානම්. මට එක් රාත‍්‍රියකට පිරිමි 10 ක් 12 ක් එක්ක වුණත් නිදාගන්න පුළුවන්. ප‍්‍රශ්නයක් නෑ. අහිංසක ඔවුන්ව නිදහස් කරන්න.’ ලෙසිනි.

මේ දිනවල නයිජීරියාවේ බොකෝ හරාම් ආගමික ත‍්‍රස්තවාදීන් විසින් සිදුකරගෙන යන විපත්තිකාරී සිදුවීම් නිසා එරට ගිනි ඇවිළි තිබෙනවා.

පසුගිය අපේ‍්‍රල් මස මෙම ත‍්‍රස්තයින් පාසල් සිසුවියන් 276 දෙනෙකු පැහැරගෙන ගොස් තිබුණ අතර ඔවුන්ගෙන් 223 දෙනෙකු තවමත් අතුරුදන් බව වාර්තා වනවා.
ඒ අතරවාරයේ මෙම ත‍්‍රස්තයින් කතෝලික ආගම අදහමින් සිටි එම පාසල් සිසුවියන්ට මුස්ලිම් හිජාබ් ඇඳුම අන්දවා කුරානය කියවා ආගමට බඳවාගත් බව ප‍්‍රසිද්ධ කළ අතර නොදන්නා ස්ථානයක සිට ඔවුන්ව රූපවාහිනිය ඔස්සේ සජීවීව පෙන්වමින් කියා ඇත්තේ 130 දෙනෙකු ආගම වෙනස් කර ඇති බවකි. එම අවස්ථාවේ පැහැරගෙන ගිය පාසල් සිසුවියන් ලවා ප‍්‍රකාශ නිකුත් කරමින් ඔවුන් කරදරයක් නැතිව අලූත් ආගමට කැමැත්තෙනන් එක්වූ බවටද ප‍්‍රකාශ කළා.
පොප් ගායිකාව ඉදිරිපත්වී සිටිනුයේ එම සිසුවියන් නිදහස් කරන්නටය.

Popular posts from this blog

ලොව දක්ෂතම ඉංග‍්‍රීසි කථිකයාට සම්මාන දිනූ ලාංකිකයා කතාකරන හැටි (වීඩියෝ)

චන්ද්‍රිකා පහුවෙලා වැඩ කරනවා බලන් ඉන්න බැරිම තැන එයාගේ අත් ඔරලෝසුවේ කටුව මිනිත්තු 10ක් ආපස්සට කැරකුවා ඉස්සර මං නදීකාටත් ට‍්‍රයි කළා - සනත් ගුණතිලක

මිලියන 400 කට මන්දිරය වික්ක බවට සැකයක්