බස් වල රේඩියෝ හයියෙන් දැම්මොත් දඩ

 මහජනතාවට පීඩා වන ලෙස වාහනවල ගුවන් විදුලි යන්ත‍්‍ර හෝ වෙනත් උපකරණ භාවිත කරන්නන්ට එරෙහිව දඩ පැනවීමට තීරණය කර තිබේ.

පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා සඳහන් කළේ, මහජනතාවට පීඩා වන එවැනි උපකරණ භාවිත කරන්නන්ට, එරෙහිව රුපියල් 3000 සිට 5000 ක් දක්වා දඩ නියම කරන බව ය.

පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයා පැවසුවේ, මහජනතාවගෙන් ලැබෙන පැමිණිලි සලකා බලා එම තීරණයට එළැඹුණු බව ය.

Popular posts from this blog

මනමාල රන්බිර් මනමාලි කත‍්‍රිනාගේ මෑණියන් ලන්ඩනයේදී හමුවෙලා

උසස් පෙළ 1-2-3 දිනූවන්ගේ නාම ලේඛනය පිටවේ - සිසුන්ට වඩා සිසුවියන් ඉදිරියෙන්

ගෝඨාගෙ උද්ඝෝෂණයට බන්දුල පද්මකුමාරත් ඇවිත්