කොළඹ විශ්ව විද්‍යාල උත්සවයෙදි ඩිනක්ෂිගේ පුටුවේ වේවැල් කපලා වාඩිවෙද්දි ඇදගෙන වැටිලා

පසුගියදා කොළඹ විශ්ව විද්‍යාලයේ පැවති තරගයක් විනිශ්චය කරන්නට ගිය ටෙලි නිළි ඩිනක්ෂි ප‍්‍රියසාද් එහි පැමිණි බව දැනගෙන විශ්ව විද්‍යාල සිසුන් සිදු කළ කඩාකප්පල්කාරී ක‍්‍රියාවක් නිසා ඇය අසුන්ගෙන සිටි පුටුවක වේවැල් කැඞී බිම ඇදගෙන වැටුණ සිද්ධියක් වාර්තා වනවා.
සිද්ධිය මෙසේය.
පසුගියදා ඩිනක්ෂි ප‍්‍රියසාද්, උමයංගනා වික‍්‍රමසිංහ හා ලසන්ත රුහුණගේ යන අය කොළඹ විශ්ව විද්‍යාලයේ නව කලාගාර ශාලාවේ
පැවති තරගාවලියක විනිශ්චය කරුවන් ලෙස තෝරාගෙන තිබුණ අතර ඒ සඳහා ඔවුන්ට අසුන් ගන්නට වෙන් කර තිබී ඇත්තේ වේදිකාවට පහළින් පිහිටි වෙනම ස්ථානයක පුටු තුනකි.
මෙම තරගාවලියේ ඔවුන් විනිශ්චයන් සිදු කර ජයග‍්‍රහණය කළ අයට කුසලාන හා මල්මාලා පැළඳවීමේ

අවස්ථාවට ඔවුන් තිදෙනාට වේදිකාවට යන්නට සිදුව ඇති අතර එම අවස්ථාවේ අඩ අඳුරේම කිසියම් කඩාකප්පල්කාරී පිරිසක් ඩිනක්ෂි වාඩිගෙන සිටි වේවැල් පුටුව තෝරා එය වෙනුවට ඒ හා සමාන වේවැල් කතුරුවලින් කැපූ පුටුවක් තබා පළාගොස් තිබුණා.
මේ බව නොදැන වේදිකාවේ කටයුතු හමාර කර නැවත තමන් සිටි පුටුවට පැමිණි ඩිනක්ෂි වාඩිවෙනවාත් සමගම එකවරම පුටුවේ මැදින් පහතට කිඳිබැස ඇද වැටී තිබෙන අතර මේ දැක සභාවේ සියල්ලන්ට එකවර සිනහ ගොස් තිබුණා. අනතුරුව පිරිස එක්වී ඇය නැගිටුවන්නට උදව් කර තිබුණා.
පසුගියදා රූපවාහිනී වැඩසටහනකට එක්වූ ඩිනක්ෂි මේ සිද්ධිය යළි සිහිපත් කරමින් කියා සිටියේ,
‘ හොඳ වෙලාවට මම කලිසමකුයි බ්ලවුස් එකකුයි ඇඳන් හිටියෙ. මං ඒ විශ්ව විද්‍යාලෙ ස්ටුඩන්ට් කෙනෙකුත් නොවී මටත් නවක වදය දීල වගේ තමයි හැබැයි විශ්ව විද්‍යාලවල ඉගෙන ගන්න හැමෝගෙන්ම මට එක්ස්පෙක්ට් කරන්න බැහැනෙ හොඳ විඳාණයක් තියන අය කියලා මොනව වුණත් මට සතුටුයි මගේ ජීවිතේ එහෙම දේවල් වෙලා නැති නිසා...’ යනුවෙනි.

Popular posts from this blog

ලොව දක්ෂතම ඉංග‍්‍රීසි කථිකයාට සම්මාන දිනූ ලාංකිකයා කතාකරන හැටි (වීඩියෝ)

චන්ද්‍රිකා පහුවෙලා වැඩ කරනවා බලන් ඉන්න බැරිම තැන එයාගේ අත් ඔරලෝසුවේ කටුව මිනිත්තු 10ක් ආපස්සට කැරකුවා ඉස්සර මං නදීකාටත් ට‍්‍රයි කළා - සනත් ගුණතිලක

මිලියන 400 කට මන්දිරය වික්ක බවට සැකයක්