උදාරි බබාගෙන් පසු බර කිලෝ 85 සිට 53 දක්වා අඩු කරගත් හැටි

 උදාරි දැන් ආයෙමත් කාර්යබහුලයි....
ඇත්තටම ඔව්, ටෙලිනාට්‍යය වගේම අලූත් චිත‍්‍රපටයකටත් එකතු වෙලා ඉන්න හින්දා කාර්යබහුලයි.
 චූටි දුවෙක් ඉන්න මවක් විදිහට මේ කාර්යබහුල බව ගැටලූවක් නමෛයිද?
ෂෙනී මටත් වඩා එයාගේ සීයට මගෙ තාත්තට සමීපයි. ඉතින් මං ගෙදර නැතිවීම එයාට ප‍්‍රශ්නයක් නමෛයි.
 උදේ ගිහින් හවස එන රූගත කිරීම් වගේ නමෛයි දවස් ගණන් ඉන්න වුණාම?

එහෙම වුණාට ප‍්‍රශ්නයක් වෙන්නේ එයාට නමෛයි මට. ෂෙනිට ගාණක් නැහැ. හැබැයි මට නම් ? නිදා ගන්න ගියාම එයාව මතක් වෙනවා.
උදාරි ඒ වෙලාවට දුරකතනයෙන් කතා කරනවාද?
මම ෂූටිං ගියාම නිතරම එයාට කතා කරනවා.
 උදාරි ගෙදරින් පිටත් වන වේලාවට දුව අඬනවාද?
එයාට හොරෙන් ගියොත් මාව හොයල අඬනවා. වාහනේට නැගල බායි කියද්දී අඬන්නේ නැතිව එයාත් අත වනනවා.
 ෂෙනිගෙ උපන් දිනයත් ළගයි නේද?
එයා ඉපදුනේ 2012 ජුනි 29. ලබන 29දා තමයි දෙවැනි උපන්දිනය.
 ඒ වෙනුවෙන් උපන්දින සාදයක් ගන්නවාද?
පළවෙනි උපන්දිනය වෙනුවෙන් ලොකු සාදයක් ගත්තු හින්දා මේ උපන් දිනේට ලොකු සාදයක් ගන්නේ නැහැ.
 දුව දැන් කතා බහ කරන හින්දා ගෙදර ඉන්න වෙලාවට අම්මා එක්ක ගොඩාක් දේවල් කියනවා ඇති.
අපොයි ඔව්. අපි කියන හැමදේම කියනවා
 උදාරිගෙ ටෙලිනාට්‍ය විකාශය වෙද්දී කොහොමද ෂෙනිගෙ ප‍්‍රතිචාර...
හොඳට බලාගෙන ඉන්නවා. ටෙලි නාට්‍යයේ පටන් ගන්න වාදනේ යනකොටම එයා දන්නවා මේ එයාගේ අම්මි රගපාන නාට්‍යයක් බව. ඒ වේලාවට මම හිටියේ නැත්නම්  ර්‍ණඅම්මි” කියල මට කතා කරනවා.
 ටෙලි නාට්‍ය ජවනිකාවල උදාරි අඬනවා දකින කොට දුව මොකද කියන්නේ?
කිසිම ගාණක් නැහැ. එයාට හොඳට තේරෙනවා මේක බොරුවක් කියලා. සාමාන්‍ය වේලාවට එයා දග කරද්දි, එහෙම නැතිනම් මට ගැහුවත් මම බොරුවට අඬනවා එයා බය කරන්න. ඒ වෙලාවට වුණත් එයා දන්නවා මේක ඇත්තටම කරන දෙයක් නමෛයි බොරු රගපෑමක් බව.
ෂෙනීගේ පුංචි පුංචි හුරතල් වැඩ දගවැඩ මොනවාද?
මගෙ ටී ෂර්ට් ගවුම් විදියට ඇඳ ගන්නවා. තනියම ඇඳගන්න එයාට පුළුවන්. මගෙ හයි හීල්ස් දාගෙන, හෑන්ඞ් බෑග් එල්ලා ගෙන ඇවිදිනවා. ඒ වගේම මගේ පර්පියුම් එකක් එහෙම දැක්කොත් ඒක ඇගේ හලා ගන්නවා. එක දවසක් මම බලන කොට ෂෙනීට චිත‍්‍ර අඳින්න ගෙනත් දීපු පාට චෝක් එකක් අරගෙන මූණෙ ගා ගන්නවා. මම ඒ වෙලාවෙම ඒක ෆොටෝ එකක් අරගෙන ඊට පස්සේ මූණ හෝදලා දැම්මා.
 දුවට අම්මාගෙන් දඬුවම් ලැබෙන අවස්ථාත් තියෙනවාද?
මම එයාට ගහන්නෙ නම් නැහැ. හැබැයි සැර කරනවා. ෂෙනීගෙ ලොකුම වරද තමයි එයාගෙ බඩු මුට්ටු වීසි කරන එක. වතුර බිල ඉවර වුණාම ඇති කියන්න තේරෙන්නේ නැහැනේ. බෝතලේ වීසි කරන එක තමයි කරන්නේ. ඒ වගෙ වැඩවලට තමයි මම සැර කරන්නේ.
 ඒ වෙලාවට දුව මොකද කරන්නේ?
අඬනවා.. ඇත්තටම අඬන අවස්ථා වගේම බොරුවට අඬන අවස්ථාත් තියෙනවා. ඇත්තටම අඬනවා නම් අඬන්න කලින්ම දුවගෙ ඇස්වලට කඳුළු ඇවිත්. බොරුවට අඬන වෙලාවට කඳුළු නැහැ. දුවට මගේ ගැන හොඳ අවබෝධයක් තියෙනවා වගේමයි මටත් එයා ගැන හොඳ අවබෝධයක් තියෙනවා.
 ෂෙනී එයාගෙ තාත්තාට දක්වන ප‍්‍රතිචාර කොහොමද?
එයා ලංකාවට එන්නේ මාසෙකට සැරයක් නැත්නම් දෙකක්. ඒත් ඒ ආවම දුව මාව ගණන් ගන්නේවත් නැතුව එයාගෙ තාත්තා ළගට වෙලා ඉන්නවා. පිරිමි ළමයි වැඩි ආදරයක් දක්වන්නේ අම්මාට. ගෑනු ළමයි වැඩියෙන්ම ආදරේ තාත්තට කියන කතාව සම්පූර්ණ ඇත්ත.
 අවුරුදු 2ක දුවෙකුගෙ මවක් වුණත් උදාරි තවමත් තිරයේ පෙම්වතිය
දුව ඉපදුනාම මම මහත් වුණ විදියට මමවත් හිතුවෙ නැහැ. ආයෙම කෙට්ටු වෙයි කියලා. මම කිලෝ 85 වුණා. ඒත් මම 53 දක්වා බර අඩුකරගත්තා. මමත් ඒ හින්ද ආහාර පාලනය කරන්නේ නැතුව ව්‍යායාම් මගින්ම තමයි ඒ දේ කළේ. මගෙ තාත්තා එයාෆෝස් එකේ හිටපු ස්පෝට් ඔෆිසර් කෙනෙක් හින්දා මට නිසි ව්‍යායාම් උපදේශනය ලබා දුන්නා. බටහිර රටවල දරුවො ලබපු කාන්තාවෝ වුණත් ව්‍යායාම් කරලා ඇගවල් හදාගන්නවා.  ඒත් අපේ රටේ දරුවන් ලැබුණහම දැන් මම කෙල්ලෙක් නමෛයි අම්මා කෙනෙක් කියලා හිතනවා. ඒත් දරුවො ඉන්න අම්මලාට වුණත් අධිෂ්ඨානය තියෙනවා නම් තමන්ගෙ ශරීරය පවත්වා ගැනීම අසීරු නැහැ.
ආරියවංශ කුලතිලක

Popular posts from this blog

ලොව දක්ෂතම ඉංග‍්‍රීසි කථිකයාට සම්මාන දිනූ ලාංකිකයා කතාකරන හැටි (වීඩියෝ)

චන්ද්‍රිකා පහුවෙලා වැඩ කරනවා බලන් ඉන්න බැරිම තැන එයාගේ අත් ඔරලෝසුවේ කටුව මිනිත්තු 10ක් ආපස්සට කැරකුවා ඉස්සර මං නදීකාටත් ට‍්‍රයි කළා - සනත් ගුණතිලක

මිලියන 400 කට මන්දිරය වික්ක බවට සැකයක්