දෙහිවල සිංහ ධේනුව කිරි නොදී් පැටව් තිදෙනාම මැරිලා

දෙහිවල සත්වෝද්‍යානයේ සිංහ ධේනුවක විසින් ප‍්‍රසූත කරන ලද පැටවුන් තිදෙනකු මියගොස් ඇතැයි සත්වෝද්‍යාන ආරංචි මාර්ග වලින් පැවසේ.

මෙම සිංහ ධේනුව මීට මාස කිහිපයකට පෙර ජර්මනියේ කේසන් සිටි සත්වෝද්‍යානයෙන් රැුගෙනවිත් ඇත.
එම සිංහ ධේනුව විසින් ඉකුත් 25 දා එක් පැටවකු සහ ඊයේ (26 දා* තවත් පැටවුන් දෙදෙනකු ප‍්‍රසූත කර ඇති අතර එම තිදෙනාම මියගොස් තිබේ.

මෙම සිංහ ධේනුව මීට පෙර අවස්ථාවකදී මෙන්ම මේ අවස්ථාවේදී ද පැටවුනට කිරි දීම ප‍්‍රතික්ෂේප කර තිබිණි.

මීට පෙර අවස්ථාවේදී මොරටුව ප‍්‍රදේශයේ බැල්ලියකගේ කිරි බීමට සලස්වා එක් සිංහ පැටවකු බේරා ගැනීමට හැකිව තිබිණි. ඒ බව දැන සිටි සත්වෝද්‍යාන බලධාරීන් මෙවර ද සිංහ පැටුවනට කිරි දීමට විකල්ප වැඩපිළිවෙළක් යෙදුවේ නම් එම පැටුවන් බේරාගැනීමට තිබුණ බවද වාර්තා වේ.

එස්. පී. ආරියරත්න

Popular posts from this blog

ගෝඨාගෙ උද්ඝෝෂණයට බන්දුල පද්මකුමාරත් ඇවිත්

මනමාල රන්බිර් මනමාලි කත‍්‍රිනාගේ මෑණියන් ලන්ඩනයේදී හමුවෙලා

බදුල්ලේ නායයාම්වලින් 7 දෙනෙක් මරුට