දැරිය මියගියත් මළ බව පිළිගන්නට අකමැති අපරිමිත මව් සෙනෙහස

තම දැරිය පස් කන්දකට යටවී මියගිය පසු මියගිය බව දැනදැනත් මළ බව පිළිගන්නට අකමැතිව ඇයව උණුසුම් කරමින් සිටි නූතන කිසාගෝතමියක වන් මවක ගැන ආරංචියක් පසුගියදා හැටන් නගරයෙන් වාර්තා වුණා.
නායයාමක් නිසා හැටන් නගරය මැද දුම්රිය ස්ථානයට පිවිසෙන පාළම අසල වෙළඳසැල් පෙළක් මතට විශාල පස්කන්දක් කඩා වැටී තිබුණේ පසුගිය සිකුරාදාය.
මෙම අවස්ථාවේ මෙම කඩ පේළියේ එක් වෙළඳසැලක නවාතැන් ගෙනසිටි මවක් හා ඇගේ දරු දෙදෙනා

සහ ඇගේ සොහොයුරා පස් කන්දට යට වී තිබුණා. පසුව ප‍්‍රදේශවාසීන් එක් වී පස් කන්දට යට වූ අය ගොඩගෙන රෝහල්ගත කර තිබුණා.
මෙම සිද්ධිය නිසා මවට හා සොයුරාට එතරම් තුවාල වූයේ නැත.
නමුත් මේ අවස්ථාවේ පස් කන්දට යටවූ සිව් හැවිරිදි දැරිය මියගොස් සිටියා. මියගිය දැරිය සහ තුවාල ලැබූ අනෙක් දැරිය දික්ඔය මුලික රෝහලට ඇතුළත් කර තිබුණ අවස්ථාවේ තම දරුවන්ට කුමක් වූවාදැයි විමසමින් ඒ වෙත ආ මවට දැනගන්නට ලැබුනේ එක් දැරියක

මියගොස් ඇති බවකි. නමුත් තමන්ගේ උණුසුමේ රැුඳෙමින් පැය කිහිපයකට පෙර සප‍්‍රාණිකව සිටි දැරිය මියගොස් ඇති බවට පිළිගන්නට ඒ මව කැමති වුනේ නැත.
ඇය තම දියණියගේ නිරුද්ධවූ දේහය ඇඳ මත සතපන්නේ නැතිව කඩා වැටුණ සිරුර වත්තන් කරගෙන නළවමින් උණුසුම ලබාදෙමින් ප‍්‍රාණය ඇති දැරියක නලවන ආකාරයට මව් සෙනෙහස පළකරමින් හැසිරුණ ආකාරය කාගේත් සිත්වලට දුකක් එකතු කළා.
එම අවස්ථාවේ ඡුායාරූප හා වීඩියෝ මේ සමග පළවෙනවා.






Popular posts from this blog

ලොව දක්ෂතම ඉංග‍්‍රීසි කථිකයාට සම්මාන දිනූ ලාංකිකයා කතාකරන හැටි (වීඩියෝ)

චන්ද්‍රිකා පහුවෙලා වැඩ කරනවා බලන් ඉන්න බැරිම තැන එයාගේ අත් ඔරලෝසුවේ කටුව මිනිත්තු 10ක් ආපස්සට කැරකුවා ඉස්සර මං නදීකාටත් ට‍්‍රයි කළා - සනත් ගුණතිලක

මිලියන 400 කට මන්දිරය වික්ක බවට සැකයක්